Cricket NewsEXCLUSIVE

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! පිට පිටම රැස් කල දෙවැනි ශතකයත් සමඟින් විස්සයි විස්ස ඉතිහාසයේ විරලතම වාර්ථාවක් සෝල්ට්ගේ නමට !

ඊයේ ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී බ.ඉ.කොදෙව්වනුත් සංචාරක එංගලන්තයත් අතර පැවැති සිව්වැනි විස්සයි විස්ස තරඟය නිමාව දුටුවේ සංචාරක එංගලන්තයට ලකුණු 75 ක ජයක් උරුම කරමින්.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් රැස් කරමින්.

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරඟයකදී රැස් කරගත් ඉහළම පෞද්ගලික ඉනිම වාර්තා කරමින් පිල් සෝල්ට් පිට පිටම දෙවන වරත් ශතකයක් රැස් කිරීමට සමත් වූයේ පන්දු 57 ක් තුල ලකුණු 117 ක් ලබාගනිමින්.ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරටයි ක්‍රීඩකයෙකු විස්සයි විස්ස ශතක දෙකක් එකපිටදී රැස් කිරීමට සමත් වූයේ.

නායක බට්ලර් හා ලිව්ංස්ටන්ගේ නම් ඉදිරියේද අර්ධ ශතක වාර්ථා වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක් හඹා ගිය කොදෙව්වන්ට සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 192 ක් පමණයි.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ අන්ඩ්‍රේ රසල් ලකුණු 51 ක් රැස් කලේ පන්දු 25 ක් තුලයි.

පන්දු යැවීමේදී රීස් ටොප්ලි කඩුලු තුනක් බිඳ හෙළූ අතර සෑම් කරන් හා රෙහන් අහමඩ් අතර කඩුලු 2 බැඟින් බෙදී ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
12
+1
4
+1
3
+1
4
+1
4
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button