EXCLUSIVESocial Reaction

“ඔයාට මහීෂ් තීක්ශණ කියලා නම තිබ්බේ මම. අද ඒ නම ලෝකයක් ප්‍රසිද්ධ වෙලා..ආඩම්බරයි පුතේ..සතුට උතුරනවා මේ ආච්චිගේ..” – මහීෂ් තීක්ශණගේ ආච්චි තැබූ ආදරණිය සටහන.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරුණ ක්‍රීඩකයන් වටා එක් වෙමින් මේ වන විට නැවතත් ක්‍රිකට් ලෝකය පුරා සිය අණසක පතුරවීම් සිටිනවා. මෙවර ආසියානු ශුරයන් ලෙසත් කිරුළු පැළඳීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් ඔහුව සැරයන් නිලයට උසස් කිරීමට යුධ හමුදාව තීරණය කළා. ඒ ඔහු යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම හේතුවෙනි.

ඒ පිළිබඳව මහිෂ් තික්ෂනගේ ආදරණිය ආච්චි සිය මුනුබුරා වෙනුවෙන් අපුරු Facebook සටහනක් එක් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ,

“පුතා,ඔයාට මහීෂ් තීක්ශණ කියලා නම තිබ්බේ මම. අද ඒ නම ලෝකයක් ප්‍රසිද්ධ වෙලා..මගේ ආසාවට ඔයාව ක්‍රිකට් පුහුණුවට දැම්මා. එයිනුත් ඔයා ලෝකයෙම ප්‍රසිද්ධ වෙලා.. අද ඔයාට යුධ හමුදාවේ උසස් වීමක් ලැබුනා.. ආඩම්බරයි පුතේ..සතුට උතුරනවා මේ ආච්චිගේ.. හැමදාම මේ වගේම ආදරෙන් ඉන්න කියලා විතරයි මම පුතාගෙන් ඉල්ලන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7