Cricket NewsEXCLUSIVEInternational

වාර්ථාගත හඹයෑමක නිරත වූ පකිස්තානු කණ්ඩායම එංගලන්තයට කඩුලු 10ක පරාජයක් උරුම කරදෙයි !

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ හතකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය කඩුලු 10 කින් ජයගන්නට සත්කාරක පකිස්තානු කණ්ඩායම සමත් විය.කරච්චි හිදී පැවැත්වූ දෙවන තරඟයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක මොයින් අලී මුලින්ම පන්දු රැකීම සඳහා පකිස්තානු කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හේල්ස් හා පිල් සෝල්ට් ලකුණු 42 ක ආරම්භක සමබඳතාවයක් එක් කල අතර පිල් සෝල්ට් ලකුණු 30 කට හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 26 කට දැවී ගියේය.ඩේවිඩ් මලාන් ලකුණු නොලබා දැවී යද්දී එංගලන්ත ඉනිමට ජීවය එක් කරන්නට බෙන් ඩකට් සමත් විය.පන්දු 22 කදී හතරේ පහර 7 ක්ද සමඟින් ඔහු ලකුණු 43 ක් රැස් කලේය.පස්වන කඩුල්ල සඳහා ලකුණු 59 ක වේගවත් සබඳතාවයක් එක් කරන්නට හැරී බෲස් සමඟින් එක්වූ නායක මොයින් අලී හට හැකි විය.බෲක්ස් පන්දු 19 කින් ලකුණු 31 ක් රැස් කල අතර එම ඉනිමට හයේ පහර 3 ක් හා එක් හතරේ පහරක් අන්තර්ගත විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක මොයින් අලී ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් පන්දු 23 කදී නොදැවී ලකුණු 55 ක් රැස් කල අතර එම ඉනිම හතරේ පහර 4 කින් හා හයේ පහර 4කින් වරණවත් විය.එංගලන්ත ඉනිමට අවසන් භාගයේදී එක්වූ වේගවත් ලකුණු ලබාගැනීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 199 ක් කරා යන්නට හැකි විය.

පන්දු යැවීමේදි පකිස්තානය වෙනුවෙන් ශාහ්නවාස් ධවානි හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවාගත්හ.

පිළිතුරු ඉනිම සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය සත්කාරක පකිස්තානු කණ්ඩායම පන්දු 3 ක් ඉතිරිව තිබියදී ලකුණු 203 ක් ලබාගනිමින් තරඟය ජයගත්තේය.පළමු තරඟයේදී මෙන්ම දෙවන තරඟයේදීද සාර්ථක වූ බාබර් – රිස්වාන් සුසංයෝගය පිතිකරණ පාරාදීසයක් වූ කරච්චි හිදී වාර්ථාගත සබඳතාවයක් එක් කල ඔවුන් දෙදෙනා කිසිවෙකු නොදැවී ලකුණු 203 ක් කරා පකිස්තාන්හ් ලකුණු පුවරුව රැගෙන ගියේය.

ඉනිමේ මුල්භාගයේදී වේගවත් ආරම්භයක් ලබාගත් මොහොමඩ් රිස්වාන් සිය 18 වැනි අර්ධ ශතකය වාර්ථා කරමින් පන්දු 51 කදී නොදැවී ලකුණු 88 ක් රැස් කලේ හතරේ පහර 5 ක් හා හයේ පහර 4 ක් සමගින්.පිතිකරණ පාරාදීසයන්හිදී තමන් තවදුරටත් නොනැවැත්විය හැකි පිතිකරුවෙකු බව පුන පුනා කීමේ රුසියෙක් වූ නායක බබාර් අසාම් සිය දෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය රැස් කලේ පන්දු 66 කදී නොදැවී ලකුණු 110 ක් ලබාගනිමින්.හතරේ පහර 11 කින් හා හයේ පහර 5 කින් වර්ණවත් වූ අසාම්ගේ ඉනිම වාර්ථා රැසක් අලුත් කලේය.විස්සයි විස්ස ඉතිහාසයේ කිසිවෙකු නොදැවී හඹාගොස් ජයගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසින් පකිස්තානු කණ්ඩායමේ ලකුණු 203 වාර්ථා පොත් අලුත් කලේය.

තරඟය කඩුලු 10 කින් ජයගත් සත්කාරක පකිස්තානු කණ්ඩායම තරඟ 1-1 ක් ලෙසින් සමතත්වයට ගෙන ආවේය.ශතක ලාභී නායක අසාම් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button