Cricket NewsEXCLUSIVEIPL

මෙවර තරඟාවලියේ CSK වෙනුවෙන් ක්‍රීඩකයකු යවූ හොඳම පන්දු යැවීම සටහන් කළ මහිෂ් තික්ෂනගේ සුපිරි පන්දු යැවීම.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 22වන තරගය ලෙස ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 23ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 217ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 193ක් පමණයි

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ කඩුලු 4ක් බිඳ හෙලු අතර Ravindra Jadeja කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

එහිදී වඩාත් විශේෂ කාරණයක් වුයේ ක්‍රීඩක වෙන්දේසියේදී මහිශ්ව මිලද ගැනීමත් සමග දැඩි විරෝධයක් එල්ල වූ තමිල්නාන්ඩු ප්‍රදේශයේ ක්‍රිකට් රසිකයන් පවා මහිෂ් ගේ මෙම දස්කම් සමග ඔහු වෙනුවෙන් ඔල්වරසන් නැගීමයි.

එමෙන්ම මෙම තරඟය මහිෂ් ඉන්දීය ප්‍රිමියර් ලීගය නියෝජනය කරන දෙවන තරඟය ද වූවා.

මහිෂ්ගේ සුපිරි පන්දු යැවීම පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7