Cricket NewsEXCLUSIVEIPL

මහිෂ් තීක්ෂණගේ පන්දුවකට දිනේෂ් කාර්තික් ලබා දුන් පහසු උඩ පන්දුව Mukesh Choudhary අත හැරි අවස්ථාව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 22වන තරගය ලෙස ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 23ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 217ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 193ක් පමණයි

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ කඩුලු 4ක් බිඳ හෙලු අතර Ravindra Jadeja කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මෙහිදී මහිෂ් තීක්ෂණ විසින් යොමු කල RCB ඉනිමේ 14 වන පන්දුවාරයේ පළමු පන්දුවට දිනේෂ් කර්තික් ලබාදුන් පහසු උඩ පන්දුවක් Mukesh Choudhary විසින් අත හරිනු ලැබුවා. ඒ අවස්ථාව වන විට දිනේෂ් කාර්තික් ලබා සිටියේද ලකුණු 6ක් පමණක් නිසා මහිෂ් තික්ස්හනට මෙම තරඟයේදී පහසුවෙන්ම ලබා ගැනීමට තිබු කඩුලු 5ක් දවා ගැනීමේ අවස්ථාව අහිමිව ගියා.

ඊට පෙර DJ Bravo විසින් යොමු කල පන්දුවකදී ලබා දුන් උඩ පන්දුවක්ද Mukesh Choudhary විසින් අතහරිනු ලැබුවා.

එම සිදුවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7