Cricket NewsEXCLUSIVE

එංගලන්ත ක්‍රිකට් හි කිරුළ හිමි කුමරුගේ මංගල ද්විත්ව ශතකයෙන් ලෝඩ්ස් පිටිය වර්ණවත් වෙයි !

එංගලන්තය සිය ක්‍රිකට් ගිම්හානය අරඹමින් අයර්ලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියක් සඳහා සත්කාරකත්වය ලබාදෙමින් සිටී.තරඟාවලියේ පළමු තරඟය ලෝඩ්ස් හිදී මේ දිනවල පැවැත්වෙන අතර අද තරඟයේ දෙවන දිනයයි.

ලකුණු 172 ක් වූ අයර්ලන්ත පළමු ඉනිමට පිළිතුරු දුන් සත්කාරක එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කලේ කඩුලු 4 ක් බිඳවැටී ලකුණු 524 ක් රැස් කරගෙන සිටිය දීය.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඔලී පෝප් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්ථා කරමින් ලකුණු 205 ක් රැස් කිරීමට සමත්වූයේ පන්දු 208 කට මුහුණදෙමින්.

පෝප්ගේ ඉනිම හතරේ පහර 22 කින් හා හයේ පහර තුනකින් වර්ණවත් වද්දී ඔහුට අනගි සහයක් ලබාදුන් බෙන් ඩකට් ලකුණු 182 ක් හා ජෝ රූට් ලකුණු 56 ක් රැස් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
6
+1
6
+1
6
+1
3
+1
3
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7