Cricket NewsEXCLUSIVE

සිව්වැනි වරටත් හිමිකරුවන් වෙනස් වූ නුවර,B-LOVE KANDY නමින් මෙවර LPL තරඟාවලියට !

2023 ලංකා ප්‍රීමියර් ලීගයට (LPL 2023) ‘මහනුවර’ නියෝජනය කරමින් “B-Love Kandy” යන නමින් නව කණ්ඩායමක් තරඟ වදින බව මේ වන විට නිවේදනය කර ඇත.

මෙම නව ‘B-Love Kandy’ කණ්ඩායමෙහි හිමිකාරත්වය දරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) මූලික කොට ක්‍රියාත්මක වන “B-Love Network” නම් Crypto Trading සමාගම ‘Omar Khan’ නම් පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයා විසිනි.

ඒ අනුව Kandy Tuskers, Kandy Warriors, Kandy Falcons සහ B-Love Kandy ලෙස මහනුවර කණ්ඩායමේ නාමය සහ හිමිකාරිත්වය ලංකා ප්‍රීමියර් ලීග් Season 4 හි දී 4 වතාවක්ම වෙනස් වීම සුවිශේෂීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
5
+1
3
+1
50
+1
4
+1
2
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7