Cricket NewsEXCLUSIVE

මාටින් ගප්ටිල්,රසී වැන්ඩර් ඩුසෙන්,ඉම්රාන් තාහීර් වැනි විස්සයි විස්ස පිටියේ නම් දැරූ ක්‍රීඩකයින් ගණනාවක් LPL වෙන්දේසියේදී අලෙවි නොවෙති !

මෙවර LPL තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ කොළඹදී නිමාව දුටුවේය.දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක්ද මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී තිබුණු අතර වෙන්දේසිය ඇරඹෙන්නටත් පෙරදීම විශාල කතාබහක් නිර්මාණය කිරීමට එය සමත් විය.

කෙසේ නමුත් ඊයේ පැවැති ක්‍රීඩක වෙන්දේසිය තුලදී වත්මන් විස්සයි විස්ස පිටියේ සිටින සුපිරි විස්සයි විස්ස ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අලෙවි නොවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය.ඒ අතර නවසීලන්ත සුපිරි පිතිකරු මාටින් ගප්ටිල් ක්‍රීඩක වෙන්දේසිය තුල අලෙවි නොවීම විශේෂත්වයකි.

ගප්ටිල්ට අමතරව දකුණු අප්‍රිකානු පිතිකරු රසී වැන්ඩර් ඩුසෙන් හා ඉම්රාන් තහීර් මෙන්ම හිටපු පකිස්තානු නායක සෆ්‍රාස් අහම්ඩ් හා ඉමාඩ් වසීම් ද ක්‍රීඩක වෙන්දේසියේ අලෙවි නොවූ ක්‍රීඩකයින් අතර විය.

එමෙන්ම බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු මුශ්ෆිකර් රහීම් ද කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button