Cricket NewsEXCLUSIVEInternational

මතීෂ පතිරණ ලෝක කුසලානයෙන් ඉවත් කිරීමේ සූදානමක් – මැතිව්ස් හෝ චමීරට අවස්ථාවක් ලැබෙන ලකුණු.

දකුණු උරහිසේ ආබාධයක් හේතුවෙන් මතීෂ පතිරණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 20 හැවිරිදි ඔහු ඕස්ට්‍රේලියාවට සහ නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ අවසන් තරඟ දෙකට සහභාගී නොවූ අතර ඔහුගේ පන්දු යැවීමේ අතේ වේදනාව තවමත් අත්විඳින බැවින් ඔහු ICC ලෝක කුසලාන තරඟාවලියට තවදුරටත් ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුව සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමනාකාරීත්වය ලෝක කුසලාන ඉසව් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පතිරණ මෙම තරගාවලියේ තරග දෙකකට ක්‍රීඩා කර ඇති අතර ඕවරයකට ලකුණු දහයකට ආසන්න බැගින් ලකුණු 185ක් ලබා දෙමින් දවාගෙන ඇත්තේ කඩුලු දෙකක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රහස්පතින්දා ප්‍රවීණ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර සංචාරක සංචිත ලෙස එක් කළ නමුත් පතිරණ වෙනුවට ආදේශ කිරීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැත. මැතිව්ස් සහ චමීර යන දෙදෙනාම සිකුරාදා ලක්නව්හිදී කණ්ඩායමට එක් වූ අතර ඊයෙ සවස කණ්ඩායමේ පළමු පුහුණු සැසියට බැංගලෝර්හිදී එක්වීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
2
+1
15
+1
1
+1
2
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button