Cricket NewsEXCLUSIVEIPLPremier League

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ සුපිරි තරුවක් බවට පත් වූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ වේගපන්දු තුරුම්පුව මතීෂ පතිරණ එරට ජනප්‍රියතම ක්‍රීඩා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය.

ඉන්දියාවේ විශාලතම සම්මාන උලෙළක් වන බිහයින්ඩ්වුඩ් වාර්ෂික සම්මාන උත්සවයේදී ඔහු පසුගියදා එම සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එය මෙරට ක්‍රිකට් ක්‍රීඩකයකු ඉන්දියාවේ දී ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස සම්මානයට ලක් වූ පළමු අවස්ථාව බව වාර්තා වේ. ඔහුට සම්මානය පිරිනමනු ලැබුවේ තෙලිඟු හා කන්නඩ සිනමා නිළියක වන ශ්‍රී ලීලා විසිනි.

පසුගිය වසරේදී ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලින් ජනප්‍රියතම චිත්‍රපට, රූපවාහිනි සහ ඩිජිටල් මාධ්‍ය අතර වැඩිම ජනප්‍රියත්වයට පත් පුද්ගලයන්ට සම්මාන පිරිනැමුණු බිහයින්ඩ්වුඩ් සම්මාන උත්සවය පසුගියදා දකුණු ඉන්දියාවේදී පවත්වා ඇත්තේ 8 වැනි වරටය. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම බටහිර ඉන්දීය ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ වැනි ක්‍රීඩකයන් ද මීට පෙර එම සම්මානයට පාත්‍ර වී ඇතැයි වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button