Cricket NewsEXCLUSIVE

ලොව පුරා නම් දැරූ ක්‍රිකට් තරු පිරි වරා පැවැත්වෙන “UAE ILT20” තරඟාවලියේ මෙතෙක් යොමු වූ වේගවත්ම පන්දුව මතිෂ පතිරණගෙන්.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ප්‍රීමියර් තරඟාවලියේ යොමු වූ වේගවත්ම පන්දුව යොමු කිරීමට ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ අද සමත් වුනා.

තරඟාවලියේ 15 වන තරඟය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම අතර පැවති තරඟයේදී Desert Vipers කණ්ඩායම නියෝජනය් අකරමින් මතිෂ මෙලෙසින් දස්කම් දැක්වුවා.

පළමුවෙන් පන්දු යවමින් සිටි Desert Vipers කණ්ඩායමේ මතිෂ පතිරණ විසින් යොමු කල 16වන පන්දුවාරයේ දෙවන පන්දුවේ වේගය 146.7km/h ලෙස සටහන් වුවා.

අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ 149.4km/h වේගවත් පන්දුවක් යොමු කරනුලැබුවා.

එය මෙවර තරඟාවලියේ ඕනෑම කණ්ඩායමක පන්දුයවන්නකු යැවූ වේගවත්ම පන්දුව ලෙස සටහන් වූ අතර අද මතිෂ ක්‍රීඩා කරනු ලබන්නේ ද ඔහුගේ ප්‍රථම ILT20 තරඟයයි.

අද තරඟයට පෙර තරඟාවලියේ වේගවත්ම පන්දුව ලහිරු කුමාර විසින් යොමු කර තිබු අතර එහි වේගය සටහන් වුයේ 146km/h ලෙසයි.

තරඟාවලියේ මෙතෙක් යොමු වූ වේගවත්ම පන්දු වල වේගයන් සහ යැවූ පන්දු යවන්නන් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button