Cricket NewsEXCLUSIVEWoman Cricket

තියුණු තරඟයක් අවසානයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පරාජය කරමින් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩිකාවන් එක් ලකුණක තියුණු ජයක් ලබයි.!

වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාස තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (24) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු යොවුන් කාන්තා කණ්ඩායම සමත් වුවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. තරගය ජයගැනීමට අවසන් පන්දු දෙකේදී ලකුණු 6 ක් අවශ්‍ය වුවද, 5 වැනි පන්දුවේදී ප්‍රතිවාදීන් කඩුල්ලක් ලබාදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට, අවසන් පන්දුවේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විදුෂිකා පෙරේරා ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳහෙළුවාය. දකුණු අප්‍රිකානු යොවුන් පිතිකාරිණියන් පීඩනය පත්කිරීම සඳහා විදුෂිකාට සහාය දැක්වූ දෙව්මි විහන්ගා ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තා.

දකුණු අප්‍රිකානු යොවුන් කාන්තා කණ්ඩායම – 134/7 (20)
(කයිලා රෙනේකා 43, මැඩිසන් ලෑන්ඩ්සන් 21, ජෙනා එවන්ස් 22, විදුෂිකා පෙරේරා 25/3, දෙව්මි විහන්ගා 22/2)

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම – 133/8 (20)
(නෙත්මි සේනාරත්න 36, දෙව්මි විහන්ගා 37, මනුදි නානායක්කාර 17, කයිලා රෙනේකා 16/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7