Cricket NewsEXCLUSIVEInternational

“සිම්බාබ්වේට පැරදුනාම සමහරු හිතනවා එහෙම වෙන්න බෑ කියලා. සිම්බාබ්වේ කණ්ඩායම කිසිසේත්ම අවතක්සේරුවට ලක් කරන්න බෑ – ඇන්ජලෝ මැතිව්ස් කියයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරගයක් පරාජයට පත්වූ පසු සමාජයේ විශාල කතිකාවක් ගොඩනැඟෙන බවත්, එය එසේ වන්නේ කෙසේද යනුවෙන් සමහරු ප්‍රශ්න කරන බවත් ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.

“සිම්බාබ්වේට පැරදුනාම සමහරු හිතනවා එහෙම වෙන්න බෑ කියලා. සිම්බාබ්වේ කණ්ඩායම කිසිසේත්ම අවතක්සේරුවට ලක් කරන්න බෑ. ඔවුන්ගේත් හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට හිතන්න බෑ. අපි අද කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළා. පෞද්ගලිකව මට දක්ෂතා අතරට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුටුයි. එයටත් වඩා තරගාවලි ජය ගැනීම පිළිබඳ සතුටට පත්වන බව කිව යුතුයි” ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button