Cricket NewsEXCLUSIVEInternational

තම දැවීයාම පිළිබද ඇන්ජලෝ මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි – මෙතනින් බලන්න

ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සදීර සමරවික්‍රම දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සීමා රේඛාව වෙත ලඟා වුවද, එම අවස්ථාවේදී ඔහු පැළඳ සිටි හිස් ආවරණයේ (හෙල්මට‍යේ) පටිය ගැළවී ගියේය. එබැවන් එය වෙනත් හිස් ආවරණකට මාරු කිරීම සඳහා මැතිව්ස් සීමා රේඛාවෙන් පිටතට පැමිණි අතර ඒ වන විට සදීර‍ගේ දැවී යෑමෙන් විනාඩි 2 කට වැඩි කාලයක් ගතවී තිබිණ.

ඒ අනුව නියමිත කාලය තුළ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සූදානම් වීමට අපොහොසත් වූ බැවින් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලෙස බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළ අතර විනිසුරුවෝ එම ඉල්ලීම අනුමත කළහ. ක්‍රිකට් ක්‍රීඩාවේ නීතී රීති වලට පිතිකරුවකු දැවී යෑමෙන් අනතුරුව ඊලඟ පිතිකරුවා විනාඩි 2 ක් ඇතුළත පන්දුවට පහරදීම සඳහා සූදානම් නොවුණහොත් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට විනිසුරුවන්ට හැකියාව ඇත.

කෙසේ වුවත් නියමිත වේලාව අවසන් වීමට පෙර මැතිව්ස් සීමා රේඛාව කරා පැමිණි බවත්, එහිදී හිස් ආවරණයේ පටිය ගැළ‍වී‍ යෑම ඔහුගේ වරදක් නොවන බවත්, කැඩුණු පටියක් සහිත හිස් ආවරණයක් පැළඳ ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි බවත් දැන දැනම බංග්ලාදේශ ක්‍රීඩකයන් ඔහු දවාගැනීම සඳහා ඉල්ලීම් කිරීම සදාචාරාත්මක නොවන බව ක්‍රිකට් විචාරකයන්ගේ මතය විය.

තවද මැතිව්ස් ඒ පිලිබදව ඡායාරූප තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබුනේ මෙලසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
1
+1
1
+1
1
+1
5
+1
22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button