Cricket NewsEXCLUSIVE

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිළි ගනී – දින 30ක් තුල පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය බාර ගැනීමට සුදානම්.!

මීට දින කිහිපයකට ඉහතදී පකිස්තානු ක්‍රිකට් සභාපති ධුරයේ වැඩ භාර ගත් නජාම් සේති පකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර් යලි එක් කරගැනීමේ දැඩි අභිලාශයකින් පසුවන බව පකිස්ථාන මාධ්‍ය වාර්ථා රැසක් වාර්තා කර තිබුනා.

මේ අතර වත්මන් ඩර්බිශයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර්ද එම ඉල්ලීම පිළිබඳව කැමැත්තකින් පසුවන බවවාර්තා වනවා.

එහි ප්‍රථිපලයක් වශයෙන් වත්මන් ප්‍රධාන පුහුණුකරු වන සක්ලේන් මුශ්ටාක්ගේ ධුර කාලය හෙටින් ආරම්භ වන පකිස්තානු-නවසීලන්ත ටෙස්ට් හා එක්දින තරඟාවලියෙන් පසු මිකී ආතර්ගේ පත් වීම නිළවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානමින් සිටින බවද ඔවුන් අද මාධ්‍ය වෙත සඳහන් කර තිබුනා.

මීට පෙර මිකී ආතර් පකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවූ අතර එම කාලසීමාව තුලදී සෆ්‍රාස් අහමඩ් යටතේ පකිස්තානු කණ්ඩායම යලිත් සන්නද්ධ කල අතර එහි ප්‍රථිපලයක් වශයෙන් 2017 ශූරයින්ගේ කුසලානයේදී පකිස්තානය ශූරතාවයද හිමිකරගන්නට සමත් වීමද කැපී පෙනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7