Cricket NewsEXCLUSIVE

පකිස්තානු නායක බාබර් අසාම්, සංගාගේ වාර්තාවක් සමකරයි – තවත් වාර්තා කිහිපයක්ම බාබර්ගේ නමට ලියැවෙයි.!

ටෙස්ට් පිටියේදී මේ වසර තුලදී බාබර් හට නායකයෙකු ලෙසින් සාර්ථක වීමට හැකියාවක් නොලැබුණද පිතිකරුවෙකු ලෙසින් අතිශය සාර්ථක වසරක් බාබර් ගතකරන බව නම් නොරසහක්. එංගලන්තය හමුවේ තරඟ 3-0 ක පරාජයක් ලැබුව මුත් පෞද්ගලික පිතිකරණ දත්තයන් ඉතා ඉහළ මට්ටමක රඳවාගන්නට අසාම් හට හැකිව තිබෙනවා. ටෙස්ට් පිටියේදී බාබර් මේ වසර තුලදී මේ දක්වා රඳවාගන්නා සාමාන්‍ය 80 ක්.

ටෙස්ට් පිටිය තුල මේ වසරේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත් පිතිකරුවා වන්නේ පකිස්තානු නායක බාබර් අසාම් ඊට නවසීලන්තයට එරෙහිව වාර්ථා කල ශතකයද සමඟින් ඇතුලත් ශතක ගණන හතරකි. එමෙන්ම තරඟ ආකෘති තුනෙහිම මේ වසර තුලදී වැඩිම ශතක ගණනක් හා අර්ධ ශතක ගණනක් රැස් කල පිතිකරුවා වන්නේද ඔහු ය.

මේ වසර තුලදී ඔහු ජාත්‍යන්තර ශතක 8 ක්ද සමඟින් ලකුණු 50 ඉක්මවා අවස්ථා 25 කදී වාර්ථා කොට තිබේ.එදා මෙදා තුල ක්‍රිකට් ඉතිහාසයේ එක් කැලැන්ඩර් වර්ශයක් තුල වැඩිම 50+ ඉනිම් ගණනක් වාර්ථා කල පිතිකරුවා වූ කුමාර් සංගක්කාර සමඟින් සමවන්නටද අසාම් හට හැකි විය.

මෙසේ මීට පෙර කුමාර් 2014 වසරේදී අවස්ථා 25 කදී මෙසේ ලකුණු 50 සීමාව ඉක්මවා තිබුණි. එමෙන්ම ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් 2005 වසරේදී අවස්‍ථා 24 කදී එසේ ලකුනු 50 ඉක්මවූ ඉනිම් රැස් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7