Cricket NewsEXCLUSIVE

තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින හිටපු පුහුණුකරු මිකී ආතර් LPL නරඹන්න ක්‍රීඩාංගණයටම ඇවිත් තරුණ ක්‍රිඩකයන්ගේ දස්කම් ගැන අදහස් දක්වයි.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මෙවර තරඟාවලියේ 18 වන තරඟය මේ වන විට Dambulla Giants කණ්ඩායම සහ Kandy Warriors කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.

මේ අතර අද තරගය අතරතුර හිටපු ශ්‍රී ලංකා සුපිරි පුහුණුකරු මිකී ආතර් මහතාද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළට පැමිණ සිටියා.

මිකී ආතර් මහත්මා තවමත් ශ්‍රී ලංකාව තුල රැඳි සිටින අතර තරඟය අතරතුර මිකී ආතර් අසලට පැමිණිමාධ්‍යවේදියෙකු ඔහුගෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මිකී ආතර් මහතා ප්‍රකාශ කර සිටියේ තවත් කණ්ඩායමක් සඳහා ඉඩ සැලසිය යුතු බවත් තවත් නම් දැරූ විදෙස් ක්‍රීඩකයන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වටා එක් කර ගත යුතු බවත්ය.

මිකී ආතර් මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියා,

“මම හිතනවා තව කණ්ඩායමක් සදහා ඉඩක් සැලසිය යුතුයි කියලා. මම පහුගිය ටිකේ තරග බලන් හිටියා පැතුම් නිස්සංක, අකිළ දනන්ජය ලක්ෂාන් සදකැන් වැනි ක්‍රීඩකයන් කවදද ක්‍රීඩා කරන්නේ කියලා.

ඔවුන් ලෝක කුසලාන සංචිතයේ සිටි ක්‍රීඩකයන්. මම හිතනව තව කණ්ඩායමක් පිහිටුවලා ඔවුන්ට පහසුකම් දෙන්න ඕනේ. මොකද තව ගොඩක් හොද ප්ලෙයර්ස්ලා ඉන්නවා. ඒවගේම ගොඩක් හොද විදෙස් ක්‍රීඩකයන් ගන්න පුළුවන් නම් තරගකාරී බව තවත් වැඩිවේවි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7