Cricket NewsEXCLUSIVELPLMatch Review

Tom Kohlerගේ සුපිරි පිතිකරණයත්, විස්කාන්ත්ගේ සුපිරි පන්දු යැවීමත් මැද කොළඹ පැරදූ Jaffna දැවැන්තය ජයක් වාර්තා කරයි.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මෙවර තරඟාවලිය 17වන තරඟය ලෙස අද සවස Jaffna Kings කණ්ඩායම සහ Colombo Stars කණ්ඩායම අතර අද සවස ආරම්භ වූ තරඟයෙන් ලකුණු 102 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kingsනායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි Jaffna Kings පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 193 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ Tom Kohler මෙවර තරගාවලියේ ප්‍රථම ශතකය ආසන්නයටම පැමිණි අතර ඔහු පන්දු 55 ක් තුළ ලකුණු 92ක් ලබාගෙන සිටින අවස්ථාවේ Naveen Ul Hq යැවූ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 8ක් සමග හතරේ පහර 5ක් ඇතුළත්.

උපුල් තරංග ලකුණු 37ක් රැස්කළා පන්දු යැවීමේදී Naveen Ul Hq කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 194 ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණෙන් පිටියට පිවිසි Colombo Stars කණ්ඩායමට පන්දුවාර 15 කුත් පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 91ක් පමණයි.

Colombo Stars වෙනුවෙන් Tom banton ලකුණු 30ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 11 ක් රැස් කිරීමට සමත් වුණා.

අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට Jaffna පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදි Jayden Seal කඩුලු 4ක් බිද හෙලු අතර Jaffna තරුණ දඟ පන්දු යවන්නා Vijayakanth Viyaskanth කඩුලු 3ක් දවා ගත්තා.

තරඟයේ වීරයා සම්මානය හිමි වූයේ ලකුණු 92ක් රැස් කල Tom Kohler Cadmore හටයි.

ඒ අනූව අද පරාජයත් සමග Qualifier කණ්ඩායමේ 4ට පිවිසීමට නම් Colombo Stars කණ්ඩායම Kandy Warriorsට එරෙහිව පැවැත්වෙන අනෙත් තරඟය ජය ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button