Cricket NewsEXCLUSIVESocial Reaction

ශ්‍රී ලංකාව ගැන මිකී ආතර් තවමත් දැඩි අවධානයකින් – පැතුම් නිස්සංකව Colombo කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන දැඩි අප්‍රසාදයක් පළ කරයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ 9වන තරඟය ලෙස Jaffna kings කණ්ඩායම සහ Colombo Stars කණ්ඩායම් අතර ඊයේ රාත්‍රියේ පැවති තරඟයේ දී ලකුණු 93ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වූයේ Colombo stars මුල් පෙළ පිතිකරණ බලඇණිය සහමුලින්ම සුනුවිසුනු කරමිනි.

කෙසේ නමුත් ඊයේ පැවති මෙම තරගයට ශ්‍රී ලංකා ජාතික විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක ව යොදා නොගැනීමට Colombo Stars කණ්ඩායම තීරණය කර තිබූ අතර ඒ අනුව ඊයේ තරඟයට පැතුම් නිස්සංක ක්‍රීඩා කළේ නැහැ.

හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් මහතා මේ සම්බන්ධව සිය අප්‍රසාදය පළකරමින් Twitter සටහනක් තබා ඇති අතර එහිදී ඔහු සඳහන් කර සිටින්නේ ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා පැතුම් නිස්සංක නිසා ඔහු සෑම තරගයක්ම ක්‍රීඩා කළ යුතු බවයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකි අතර මහතා තැබූ ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button