EXCLUSIVELegends StoryTrending Article

ජාත්‍යන්තර මාධ්‍ය පවා ශ්‍රී ලංකා ක්‍රිකට් අවතක්සේරු කරද්දී අභියෝගය බාරගත්, ක්‍රිකට් ක්‍රීඩාවේ රජුන් තනන්නා – “මිකී ආතර්”

ආයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්න බෑ කියලා ජාත්‍යන්තර මාධ්‍ය පවා අපිව අවතක්සේරු කරලා හිටපු අවස්‍තාවක පවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකාරිත්වය භාරගත්තා. අපේ කොල්ලෙක් විකට් එකක් ගද්දී,ලකුණු ටිකක් ගද්දි මීකි ආතර්ගේ මූනේ තිබ්බ හිනාව, ඒ වගේම අපේ උන් ෆේල් වෙද්දී මිකී ආතර් අවුල් ගහලා ඉදපු හැටි මිකිගේ මූණෙන් පෙන්නපු ඒ හැගීම් ඇත්තටම ගොඩක් පුහුනුකරුවන්ගෙන් අපිට දකින්න ලැබෙන්නෑ..

මුදලට විතරක් නෙවෙයි අවංකව තමන්ගේ සේවය ලබා දෙන්න තිබ්බ උවමනාව අපි දැක්කා මිකීගෙන්…මිකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රදාන පුහුනුකරු වෙලා පලවෙනි තරගාවලිය ඉවර වෙද්දී හරි අපූරු කතාවක් කියනවා,

“වනිදු හසරංග ඊලග අවුරුදු දෙක ඇතුලත ලෝකයේ වටිනාම ක්‍රීඩකයින් තිදෙනා අතරට එනවා”

අද වෙද්දී මුලු ලෝකේම වනිදු හසරංග කියන්නේ කවුද කියලා දන්නවා හැබැයි මිකි ආතර් එදා ඔය කතාව කියද්දී ලංකාවෙ මිනිස්සුවත් වනිදු හසරංග ගැන හරිහැටි දැනන් හිටියේ නෑ..

ගුවරුවරයා කලින්ම දැනන් හිටියා තමන්ගේ ගෝලයා යන දුර, එදා මිකි කියපු කතාව අද වෙද්දි ඇස් පනා පිටිම කිව්වටත් වඩා හොදට ඔප්පු වෙලා අවසානයි…

ඒ වගේම තමා දිගින් දිගටම පැතුම් නිස්සංක විස්සයි විස්ස සංචිත වලට ගෙන්නද්දී පැතුම්ට සෑහෙන මඩ වැදුනා පැතුම් ඒ රටාවට සුදුසු නෑ කිව්වා හැබැයි මිකී ආතර් පැතුම් නිස්සංක කියන ක්‍රීඩකයගෙ හැකියාව දැනගෙන හිටියා,

පැතුම් නිස්සංක වරක් මීකි ආතර් මහතා ගැන මෙහෙම කියනවා

“මම වැටිලා ඉන්න වෙලාවේ මාව උස්සලා තිබ්බට ස්තූතියි,මම හීනෙකින්වත් හිතපු නැති උසකට මාව තල්ලු කරපු දිරිගැන්වීමට ඔබට ස්තූතියි…”

මුලදී ප්‍රශ්න කොච්චර තිබුනත් මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නික්ම යන වෙලාවේ භානුක රාජපක්ෂ කියනවා ඔබ නිසයි මම අද මෙතන ඉන්නේ කියලා..

ඇත්තටම අඩියෙ තිබ්බ අපේ ක්‍රිකට් ගොඩ ගන්න බැහැලම වැඩ කරපු කෙනෙක් මිකී ආතර්,අදටත් අපේ ක්‍රීඩකයෙක් ලකුණු ගහද්දී විකට් ගද්දී ට්විටර් සටහනක් දාලා ඔවුන්ට සුභ පතන්න ඔහු අමතක කරන්නේ නෑ

ඇත්තටම මිකි ආතර් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ රජුන් තනන්නෙක්.ඉතින් මිකීගෙ දූරදර්ශී නුවණ කොහොමද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ…

ඒ වගේම ලංකාවේ මිනිස්සු මිකි ආතර්ට කෙතරම් ආදරය කරනවද කියලා ඔහුගේ අන්තිම තරඟයේ දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ලබා දුන් උණුසුම් සමු ගැනීමෙන් ඔබට වැටහෙන්න ඇති, මත කාලයේ එහෙම පිළිගැනීමක් ක්‍රිකට් ලෝකයේ වෙන කිසිම පුහුනුකරුවෙකුට නොලැබුණු බවනම් සහතිකය.

ඉතින් මිකී ආතර් මහතා ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා..

Cricket of lanka matha තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7