Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔබත් සමග එක්ව පුහුණුවීම් කටයුතු කිරීමට බලාගෙන ඉන්නවා” – ලසිත් මාලිංගගෙන් යොවුන් ක්‍රීඩක මතිෂ පතිරණට පොරොන්දුවක්.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකිරීමට පෙර IPL තරඟයක ක්‍රීඩාකල පළමු ක්‍රීඩකයා බවට යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ පත් වුයේ පසුගිය දා Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් IPL වරම් හිමිකර ගැනිමත් සමගයි.

එහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඔහු යැවූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමටද මතීෂ සමත් වුණා.

ඉන් නොනැවතුණු මතීෂ Gujarat Titans සමග පැවති තරගයේ දී Chennai Super Kings කණ්ඩාය වෙනුවෙන් හොඳම පන්දු යැවීමද වාර්තා කර සිටියේ ප්‍රතිවාදී කඩුලු දෙකක් බිඳහෙළමිනි. ඊට Gujarat Titans නායක හර්දික් පණ්ඩයාගේ කඩුල්ලද ඇතුලත්

එමෙන්ම Chennai Super Kings නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් මතීෂ පතිරණව 18 වන සහ 20වන යන තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාර යැවීම සඳහා භාවිත කළ අතර එහිදී එම වගකීම නිසි ලෙස ඉටු කිරීමටද මතීශ පතිරණ සමත් වුණා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ පුරවුර්ත ගනයේ විශිෂ්ට වේග පන්දු යවන්නකු මෙන්ම විස්සයි-20 තරඟ ආකෘතියේ බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැලකෙන් ලසිත් මාලිංග පන්දු යවන ආකාරයට ඉතා සමාන ඉරියව්වකින් පන්දු යවන මතිෂ පතිරණව මේ වන විටත් ඉන්දීය රසිකයන් හඳුන්වනු ලබන්නේ “BABY Malinga” ලෙසයි.

මතිෂගේ විශිෂ්ට පන්දු යැවීම සම්භන්දයෙන් ලසිත් මලිංගත් අපුරු ට්විටර් සටහනක් එක් කර තිබුනා. එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණි පසු එක්ව පුහුණුවීම් වල යෙදීමට තමන් නොයිවසිල්ලෙන් පසුවන බවයි.

වැඩි දුරටත් ලසිත් මාලිංග මෙලෙස ප්‍රකශ කර තිබෙනවා, “නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔබත් සමග එක්ව පුහුණුවීම් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර ඔබගේ පුහුණුවීම් සහ වැඩි දියුණු කිරීම් දිගටම කරගෙන යන්න. ඔබ යවන සෑම පන්දුවක්මසාර්ථකත්වයේ පියවරක් ලෙස සලකන්න. මොකද ඔබට ඉදිරියෙන් දීප්තිමත් ජාත්‍යන්තර සහ අයි.පි.එල් වෘත්තීය ක්‍රිකට් ජීවිතයක් ඇත..”

ලසිත් මාලිංග තැබූ එම ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button