Cricket NewsEXCLUSIVEInternational

ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පංදු යවන මතීශ පතිරණ හා තවත් පන්දු යවන්නෙක් ආබාධ හේතුවෙන් ඉවත් කෙරේ – ආදේශකයන් ලෙස අසිත හා ප්‍රමෝද් සංචිතයට එක් වේ

Matheesha Pathirana profile and biography, stats, records, averages, photos and videos

මතීෂ පතිරණ සහ කසුන් රාජිත ආබාධ හේතුවෙන් අද පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරගය අහිමි වනු ඇති.

ඔවුන් දෙදෙනා ආබාධයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව විස්සයි20 සංචිතයට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් කැඳවා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,

කසුන් රාජිත සහ මතීෂ පතිරණ පුහුණුවීම් අතරතුර ආබාධවලට ලක්ව ඇති අතර ඔවුන් තවදුරටත් විස්සයි20 තරගාවලියට සහභාගි නොවනු ඇත.

රාජිතගේ වම් ඉණ ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති අතර පතිරණගේ දකුණු වැලමිට ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇත. දෙදෙනාම පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තුවාල ලැබූ ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට T20I සංචිතයට පහත සඳහන් ආදේශක සිදු කළේය.

1. කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු

2. මතීෂ පතිරණ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් පැමිණෙයි

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7