EXCLUSIVETrending Article

“මොඩර්න් ක්‍රිකට් එක අපේ ඇගෙත් තියෙනවා කියන්න දසුන් හොදම උදාහරණයක්, අපේ අනිත් අයත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි” – ක්‍රිකට් රසිකයකු ඉඑ තරඟය සහ ශ්‍රී ලංකා ක්‍ර්කට් අනාගතය පිළිබඳව තැබූ සටහන.!

මැච් එක පැරදියි.

අද Match Point එක මැච් එක ගැන නෙමෙයි. හැබැයි මේක ඉදිරියට හුගාක් වැදගත් වෙයි. මේ තරගයේ අපේ පන්දු යැවීමයි ඉන්දියාවේ පන්දු යැවීමයි බැලුවහම හිතා ගන්න පුළුවන් නේද අපි කොච්චර හොදට පන්දු යවලද කියලා. පන්දු යවපු විදිහේ වගේම පන්දු යවන්නන් යොදා ගත්ත විදිහ ගැනත් යම් යම් අඩුපාඩු වුනා.

ඒක නෙමෙයි කතාව…

ශ්‍රි ලංකාව කියන්නේ හොද පන්දු බල ඇණියක් ඉන්න රටක්. අද ඊයෙක නෙමෙයි. ඒ කාලේ ඉදලම අපේ strength එක වුනේ පන්දු යැවීම. අපි හුගාක් තරග දිනන්නේ පන්දු යවන්නන්ගේ වැඩි බරක් නිසා. අදටත් එහෙමයි.

හැබැයි මේ මොඩර්න් ක්‍රිකට් එක්ක දුවන්න නම් ඔය විදිහට බැ.. මොකද අලුත් ක්‍රිකට් එකේ දවසින් දවස නීති රීති අලුත් වෙන්නේ හුගාක්ම පිතිකරුවන්ට වාසිදායක විදිහට. මොකද මේ හැමදේකම අරමුණ ප්‍රේක්ෂකයන් ක්‍රිකට් එක්ක රොදබැදගෙන තියා ගන්න. ඉතිං ක්‍රිකට් ෆෑන්ස්ලා විදිහට හුගාක් අය කැමතියි හුගාක්ම තරග පිතිකරුවන්ගේ පාරාදීස වෙනවා දකින්න. අන්න ඒ නිසා මේ මොඩර්න් ක්‍රිකට් එකේ උඩින්ම ඉන්නේ පිතිකරුවන්…

මතකද කාලයක් අපේ සනත් ජයසූරිය ක්‍රිකට් ලෝකයට අලුත් කලාවක් එකතු කරා. වෙනදා ආරක්ෂාකාරී විදිහට ක්‍රීඩා කරලා අලුත් බෝලේ පරණ කරපු ආරම්භක පිතිකරුවන් වෙනුවට ජයසූරිය සහ කළුවිතාන ඇවිත් බෝලර්ස්ලට බිම දාගෙන ගැහුවා.
එතකොට ඒක දැකපු ලෝකයා මොකද කරේ ? එයාලත් ඒ විදිහට හුරු වුනා. එයාලගේ රටවල් වලත් වේගයෙන් ක්‍රීඩා කරන්න පුළුවන් ආරම්භක පිතිකරුවන් හැදුවා.

ඉතිං අද අපිට සිද්ධ වෙලා තියෙනවා ලෝකය එක්ක දුවන්න. එක්දින තරගයක් ගත්තොත් දැන් ලකුණු 300ක් ගහලා ඒක නතර කරන්න හිතන්නවත් එපා. විශේෂිත තණතීරු වල හැරෙන්න. හුගාක් වෙලාවට දැන් ලකුණු 300ක් 350ක් කියන්නේ එක්දින පිටියේ සාමාන්‍යය ලකුණු සංඛ්‍යාවක් වෙලා. එහෙනම් අපි බලන්න ඕනි ලකුණු 400ක් ගහන්න.

විස්සයි විස්ස වුනත් එහෙමයි. ලකුණු 200ක් කියන්නේ විස්සයි විස්සේ අනිවාර්යයෙන්ම කන්ඩායමකට ගහන්න ඕනි ලකුණු සංඛ්‍යාවක්. ඉතිං අපි යන්න ඕනි එතැනට.

එක්දින ගත්තත් දැන් බෝල ගානට වඩා අඩුවෙන් ලකුණු ගහන්න ඕනි. හරියට දසුන් ඊයේ ගැහුවා වගේ. දසුන් ඊයේ ගැහුවේ Great ඉනිමක්. මොඩර්න් ක්‍රිකට් එක අපේ ඇගෙත් තියෙනවා කියලා පෙන්නපු ඉනිමක්…දසුන් එයාගේ ලකුණු 50 ගහන්නේ බෝල 50කින්,ඊට පස්සේ එයා ශතකය ගහන්න ඉතුරු ලකුණු 58ම රැස් කරන්න එයාට යන්නේ පන්දු 38යි. දසුන් මේ ලකුණු 108 ගහන්න බෝල 88කින්,

ඉතිං මේක තමයි වෙන්න ඕනි. අපේ කන්ඩායමේ බැලුවොත් හැමෝටම වගේ මේ දේ කරන්න පුළුවන් අය ඉන්නේ. ඒ අතරේ පැතුම් නිස්සංක වගේ කෙනෙකුත් ඉන්න ඕනි. මොකද පැත්තක් ආරක්ෂා කරගෙන ගේම් එකක් ඇදගෙන යන්න එයාට පුළුවන්. හැබැයි දැන් ක්‍රිකට් එකත් එක්ක එක්දින සහ ටුවෙන්ටි දෙකටම පැතුම්ලා දෙන්නෙක්ට ඉඩක් නැ. අනික පැතුම්ට වුනත් මීට වඩා ස්ට්‍රයික් රේට් එකකින් ගහන්න වෙනවා. ලොකු ඉනිමකට යද්දි බෝල ගානට වැඩියෙන් ලකුණු ගහන්න වෙනවා.බෝල 99කින් ලකුණු 100ක් නෙමෙයි. බෝල 80කින් ලකුණු 100ක්.ඉතිං අපේ එක්දින කන්ඩායම බැලුවොත් එයාලට බෝල ගානට වඩා අඩුවෙන් ලොකු ඉනිම් ගහන්න පුළුවන් අය. හැබැයි තාමත් එයාලා මේ මොඩර්න් ක්‍රිකට් එකට හරියට ඇවිත් නැ…

දැන් හැදෙන්න ඕනි එතැනට…මෙතන හුගාක් අය ටුවෙන්ටි ටීම් එකෙත් ඉන්න අය. ඒ කියන්නේ වේගයෙන් ලකුණු ගහන්න පුළුවන් අය. අන්න ඒ ස්කිල් එක එක්දින වලත් හරියට පාවිච්චි කරන්න ඕනි. අපි තරගයකට යන්න ඕනි ලකුණු 300 ගහන්න නෙමෙයි. අපි යන්න ඕනි ලකුණු 400ක් ගහන්න. තණතීරුව අනුව ඒක තීරණය කර ගන්න ඕනි මේ මොඩර්න් ක්‍රිකට් එක ගැන විශේෂයෙන්ම හිතලා. ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් එක දා ගන්නේ නැතුව ලකුණු 350ක් 400ක් චේස් කරලා පුරුදු වෙන්න වෙනවා. ඒවා කරන්න වෙන්නේ තරග ක්‍රීඩා කරලා.

මේ තරගාවලිය දින්නා හෝ පැරදුනා අපිට හැදෙන්න තියෙන නියම තරගාවලියක් මේක,

මොකද එළැඹෙන එක්දින ලෝක කුසලානය තියෙන්නේ මේ රටේ. ඉතිං මේ රටේ තණතීරු හැදිලා තියෙන්නේ මොඩර්න් ක්‍රිකට් එකට ගැලපෙන විදිහට. අපේ පන්දු යැවීම හොදයි. මොඩර්න් ක්‍රිකට් එක එහෙම වුනා කියලා අපි අපේ පන්දු යැවීම දුර්වල කර ගන්න ඕනි නැ.. නමුත් අපි යන්න ඕනි ඉදිරියටත් බෝලර්ස්ලා මතම යැපෙන්නද ? නැ.. ඉදිරියට අපිත් පිතිකරුවන් මත යැපෙන්න ඕනි.

අපේ ස්ට්‍රෙන්ත් එක වෙන්න ඕනි පිතිකරණය. අපේ ස්කිල් එක අනුව ස්මාර්ට් වෙලා ලෝකේ යන විදිහට අපිටම කියලා අපේම තරග රටාවක් එකක් හැදෙන්න ඕනි.විශේෂයෙන්ම ලෝක කුසලානයට ලෑස්ති වෙනවා නම් ඒක අනිවාර්යයි. ඉන්දියාව ඒක කරනවා. එංගලන්තයත් ඒ වෙනස කරා. ලෝකේ අනිත් රටවල් වුනත් ඒ වෙනස කරනවා. අපි පරක්කුයි.දැන් ඒ දේ කරන්න පුළුවන් සෙට් එකක් අපිට ඉන්නවා. මේක ඉක්මනින් හැදිලා ඉවර වෙන්න ඕනි. මොකද පරක්කු වෙලා හරි ලෝකේ එක්ක අපි දුවන්න ඕනි. තවත් එක තැන නැවතිලා හිටියොත් ලෝකේ අපිට වඩා ගව් ගානක් ඉස්සරහට දුවලා තියෙයි. අපිට පහලින් ඉන්න අයත් අපිව පහු කරගෙන යයි.

දසුන් හොදම උදාහරණයක්. මොඩර්න් ක්‍රිකට් එක අපේ ඇගෙත් තියෙනවා කියලා ලෝකෙටම පෙන්නන්න. මං දන්නවා අපේ අනිත් අයටත් බැරි නැ. පොඩ්ඩක් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න තමයි තියෙන්නේ. ඉතිං ඉදිරියට ලකුණු 300ක් ගහලා පන්දු යවන්නන්ගෙන් තරගය දිනන්න බලන්නේ නැතුව ලකුණු 350ක් 400ක් ගහලා කවදත් වගේ පන්දු යවන්නන්ගෙන් දිනන්න බලමු.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි – විශේෂ ස්තුතිය අසංක හැදිරම්පෑල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7