Cricket NewsEXCLUSIVE

“මට අදහසක් තිබුනේ නැහෑ ශමී කරපු දේ ගැන.. දසුන් විශිෂ්ඨ අන්දමින් ක්‍රීඩා කරමින් සිටියා.. අපිට බැහෑ ඔහුව ( දසුන්ව ) ඒ විදිහට දවාගන්න..” – ඊයේ තරඟයෙන් අනතුරුව රෝහිත් ශර්මා

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස Barsapara ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති තරඟයෙන් ලකුණු 67ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක දසුන් ශානක පන්දු 88ක් තුළ වේගවත් ලකුණු 108ක් රැස්කිරීමට සමත්වුණා. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පාරවල් 3ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉණිමේ 49.3 පන්දුව යොමු කළ අවස්ථාවේ, පන්දු යොමු කිරීමට පෙර අඩි කීපයක් ඉදිරියට පැමිණි සිටි දසුන් ශානකව මන්කාඩ් ක්‍රමයට හසුකර ගැනීමට මොහාමඩ් ශමී සමත් වුණා. ඒ අවස්ථාව වන විට දසුන් ශානකට සිය ශතකය සම්පූර්ණ කර ගැනීම සඳහා ලකුණු 2ක් අවශ්‍යව තිබූණා.

ඒ අනුව මොහාමඩ් ශමී විනිසුරුවරයාගෙන් එය දැවී යාමක් ලෙස සටහන් කරන මෙන් ඉල්ලා සිටි අතර විනිසුරුවරයා එය තෙවන විනිසුරුවරයා වෙත යොමු කර සිටියා. කෙසේ නමුත් එම අවස්ථාවට මැදිහත් වූ ඉන්දීය නායක රෝහිත් ශර්මා වහාම එම ඉල්ලීම ඉවත් කර ගැනීමට කටයුතු කළා.

“මෙම සිදුවීම සම්බන්දයෙන් මට අදහසක් තිබුනේ නැහෑ ශමී කරපු දේ ගැන.. ඔහු පිතිකරණයේ නියැලෙමින් සිටියේ ඒ අවස්ථාවේදී ලකුනු 98 ක් රැස් කරගනිමින්.. ඔහු විශිෂ්ඨ අන්දමින් ක්‍රීඩා කලා.. අපිට බැහෑ ඔහුව ( දසුන්ව ) ඒ විදිහට දවාගන්න..”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7