Cricket NewsRishie Bro

චෙන්නායි ජයෙන් සැඟවී ගිය,සටන අත්නොහැරි විශිෂ්ඨයා – මෝහිට් ශර්මා

CSK වලින් IPL කරළියට ඇවිත් 2014 IPL තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙලා ජාතික කන්ඩායමට පවා ක්‍රීඩා කරපු කෙනෙක් තමයි මොහිට් ශර්මා කියලා කියන්නේ…

එහෙම හිටපු මොහිට් ශර්මා කාලයත් එක්ක දක්ෂතා වලින් ඈත් වෙන්න පටන් ගන්නවා. අන්තිමේදී ඉන්දීය ජාතික කන්ඩායමේ විතරක් නෙමෙයි IPL පිටියෙත් එයාට අවස්ථාව නැති තැනටම වැටෙනවා.

2019 දී මොහිට් ක්‍රීඩා කරන්නේ එකම එක IPL තරගයයි. ඔය 2019 කියන්නේ මොහිට්ගේ ජීවිතේ අඳුරුම අවුරුද්දක්…

2019දී මොහිට් දරුණු පිට කොන්දේ ආබාධයකින් පෙලිලා ඒ සදහා සැත්කමක් කරනවා.

“2019 දී ඔහුගේ පිට කොන්දේ සිදු කළ සැත්කමෙන් පසුව ඔහු වෙන කෙනෙක් වුනා නම් ක්‍රිකට් වලින් ඉවත් වෙලා. ඔහුට කොඳුඇට පෙළේ ආබාධ තිබුණා. කකුලේ අස්ථි බිඳීමක් සිදු වෙලා තිබුණා, ඔහු ඒවායින් සෑහෙන්න පීඩා වින්දා. පුහුණුකරුවෙක් විදිහට මම ඔහුව අගය කරනවා, මොකද ඔහු ක්‍රීඩාවට ගොඩක් කැප වුනු කෙනෙක්.”

මොහිට්ගේ පුහුණුකරු වෙච්චි Vijay Yadav තමන්ගේ ගෝලයා ගැන කිව්වේ එහෙමයි.

” Mohit කොන්දේ ආබාධය නිසා පීඩා විඳිමින් හිටපු විදිහ දැක්කාම මට ඉවස ගෙන ඉන්න බැරි වුනා. මගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මම ඔහු වෙත ගිහින් කිව්වා ‘ මේ ඇති Mohit, දැන් අත් හැරලා දාන්න. අපි දැන් වෙන දෙයක් කරමු.’. එහෙම කියන්නේ මොහිට්ගේ පියා…

මොහිට් කොතරම් උත්සහවන්තයෙක්ද කියනවා නම් එයා තමන්ගේ පියාට මෙහෙම කියනවා.

” අපි මේක තව අවුරුද්දක් කරමු. මම හිතන්නෙ මට ඒක කරන්න පුළුවන්. මට අවශ්‍යයි දිගටම උත්සාහ කරලා නැවත එන්න, ඇවිත් තව අවුරුද්දක්වත් ක්‍රීඩා කරන්න.”

එහෙම කියපු මොහිට් එයාගේ ජේෂ්ඨත්වය පැත්තකින් තියලා ආයෙමත් මුල ඉදන් පටන් ගන්නවා. ඉන්දියාවේ ජාතික කන්ඩායමට පවා ක්‍රීඩා කරපු ලෝකයක් දන්න කෙනෙක් ආයෙමත් නෙට් බෝලර් කෙනෙක් විදිහට දැල තුල පන්දු යවන්නෙක් විදිහට කටයුතු කරනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ දේ කරන්න නම් ඒ මනුස්සයා මානසිකව පුදුමාකාර හයියක් තියෙන කෙනෙක් වෙන්න ඕනි. හැබැයි මොහිට් ඒ දේ කරා…

2021 දී කවුරුත් මෙයාව ගන්නේ නැ..
2022දිත් මෙයා IPL නෙට් බෝලර් කෙනෙක් විතරයි.
ඔන්න 2023දි ගුජරාට් කන්ඩායම මෙයාට අවස්ථාව දෙනවා. අවස්ථාව දුන්නට මුල් තරග වලට මොහිට්ට ක්‍රීඩා කරන්න ලැබුනේ නැ… හැබැයි එදා කොල්කටා වල රින්කු සිං යෂ් ඩයාල්ගෙන් උදුරා ගත්ත තරග ජයග්‍රහණය මොහිට්ගේ ක්‍රීඩා ජීවිතය නැවතත් ආරම්භ කරලා දෙනවා. යෂ් ඩයාල් වෙනුවට කන්ඩායමට ආපු මොහිට් මෙවර IPL තරගාවලියේදී ගුජරාට් වෙනුවෙන් ඉනිම් 13කදී කඩුලු 24ක් දවා ගන්න සමත් වෙනවා.

යක්ෂාරූඪ වෙලා හොදම ෆෝම් එකේ ඉන්න සූර්‍යකුමාර් යාදෙව් එයාගේ ගිණිකෙළි සංදර්ශනය පටන් අරගෙන තියෙද්දි 15 වෙනි පන්දුවාරයේ තීරණාත්මක සූර්‍යකුමාර්ගේ කඩුල්ල සහ විශ්නු විනෝද් දවාගෙන නැවතත් ගුජරාට් වෙත තරගය හරවලා ගුජරාට් පිලට පිට පිට දෙවෙනි වරටත් IPL වේදිකාවේ අවසන් තරගයේ ආසනය හිමිකර දෙන්න මොහිත්ට පුළුවන් වෙනවා. ඒ නිකන් නෙමෙයි. ලකුණු 10කට මුම්බායි පිලේ කඩුලු 5ක්ම ඩැහැගෙන…!!!

එතැනින් නතර වුනෙත් නැ…
අවසන් තරගයේ අවසන් පන්දු දෙකෙන් ජඩේජා කතාව වෙනස් නොකරන්න මේ කතාවේ අදටත් වීරයා මොහිට්.එක වෙලාවකට ශිවම් ඩුබේ සහ රහනේ පහසුවෙන් ගුජරාට් පන්දු යවන්නන්ට ප්‍රහාර පිට ප්‍රහාර දියත් කරමින් ලකුණු වේගය වැඩි දියුණු කරමින් චෙන්නායි පිල ජයග්‍රහණය කරා රැගෙන යනවා. හැබැයි මොහිට් ඇවිත් ඒ ජයට හරස් වෙනවා. රහනේ , රයුඩු සහ ප්‍රේක්ෂකයන්ගේ වීරයා වෙච්චි ඩෝණි දවාගෙන අවසන් පන්දු දෙක වෙනකල් ගුජරාට් වෙතට නැවතත් තරගය හරවනවා. ජඩේජාගේ ඒ පහරවල් දෙක නොවන්න මේ කතාව හුගාක් වෙනස් වෙලා මොහිට් ශර්මා අද කාගෙත් කතා බහට ලක්වෙන වීරයෙක් වෙන්න තිබුනා. නමුත් චෙන්නායි ජයග්‍රහණය නිසාවෙන් මොහිට් ශර්මා කල මෙහෙවර මකා දමන්න බැ.. මොකද තරගයක දෙකක නෙමෙයි. තරගාවලිය පුරාම ඔහු ඔහුගේ වගකීම අකුරටම ඉටු කරා. තරගාවලියේ දෙවෙනියට වැඩිම කඩුලුලාභියා වෙලා මොහිට් දෙවෙනි වෙන්නෙත් තමන්ගේ කන්ඩායමේම මොහොමඩ් සමීට.

මොහිත්ට දැන් වයස අවුරුදු 34යි.
හැබැයි මොහිට්ගේ මේ සටන නවත්වන්න නම් වයස නෙමෙයි ආබාධ නෙමෙයි සක්කරයාටවත් බැරි වුනා.
මොහිත් කියන්නේ ක්‍රිකට් අතහරින්න ඕනි වුනා නම් මීට සෑහෙන කාලෙකට කලින් ක්‍රිකට් අතහරින්න හිටපු හාදයෙක්.. හැබැයි දක්ෂතාවයයි තමන් ගැන විශ්වාසයයි උනන්දුවයි අධිෂ්ඨානයයි තියෙනවා නම් බාධක කොච්චරක් ආවත් නොසැලී සටන් කරන්න පුළුවන් මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් නැ…
හරියට මොහිට් ශර්මා කියන අපූරු සටන්කාමියා ආයෙමත් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට මතක තියෙන කම්බැක් එකක් දුන්නා වගේ…❤🙏

✍ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7