Cricket NewsEXCLUSIVETrending Articleඇසළගේ ක්‍රිකට් හෑල්ල

“ලකුණු 111දි අනිවාරෙන් විකට් එකක් යනවමයි” – ක්‍රීඩාවේදී පෙරට එන විවිද විශ්වාස – ආසියාවේ පමණක් නෙමේ මුළු ක්‍රීඩා ලෝකයේම මෙහෙමයි.!

Superstitions, එහෙමත් නැත්නම් විශ්වාස කියන දේ තදින්ම තියෙන තැනක් තමයි ක්‍රීඩාව කියන්නේ. හුඟක් වෙලාවට තමන්ගේ ආගමටත් වඩා මේ ඇදහිලි ඉස්සර වෙනවා ක්‍රීඩාවේදී ඕනි තරම් දැකගන්න පුලුවන්.

උදාහරණයක් විදියට 111 එහෙම නැත්නම් නෙල්සන් කියන්නේ ක්‍රිකට් ලෝකේ ජනප්‍රියම විශ්වාසයක්. 111දි විකට් එකක් යනවා, 111 අවුල් කියන්නේ මේ හින්දා. මේවා ඇත්තද නැත්නම් හිතේ තියෙන හින්දා වෙනවද දන්නේ නෑ හැබයි 111දී සෑහෙන්න විකට්ස් යනවනම් දැකලා තියෙනවා. සමහරවිට අනිත් ඉලක්කම් ගැන අවධානයක් දෙන්නේ නැති නිසා 111 කැපිලා පේනවත් ඇති.

මේ වගේ තව ප්‍රසිද්ධ දෙයක් තමයි මාලිංග හැම බෝලයක්ම දාන්න කළින් බෝලේ කිස් කරන එක. එතකොට හතරක් ගැහුවත් දුව දුව හිටපු ලකුණ මහේල සම්පූර්ණ කරන එකත් ඒ වගේ දෙයක්. එතකොට හැම බෝලෙටම කළින් සනත් පෑඩ් එක හෙල්මට් එක හදන එක වගේ දේවලුත් ඕවම තමා.

ඔය විතරක් නෙමෙයි ලෝක මට්ටමේදී සචින් මුලින්ම වම් පෑඩ් එක දාන එක, මයිකල් ඇතර්ටන් ටෙස්ට් මැච් එකක නොටවුට් ඉද්දී දවස ඉවර උණොත් ඉන්ටර්වීව් දෙන්නේ නැති එක, ස්ටීව් වෝ එයාගේ ආච්චි දීපු ලේන්සුව අරං යන එක, ගංගුලි ගුරුජීගේ ෆොටෝ එකක් සාක්කුවේ දාගෙන යන එක ඔය වගේ දේවල්. වෙන එකක් තියා සපෝර්ට් කරන ටීම් එක හොඳට ගහං යද්දී ඉන්න තැනින් හෙල්ලෙන්නෙපා කියලා ගහ මරාගන්නෙත් superstitions නිසා.

එතකොට මේවා ක්‍රිකට්, එතකොට දකුණු ආසියාවේ උන් විතරක් කරන ඒවද? නෑ හත්තිලව්වේ නෑ !

ගෝත්‍රික, මොඩර්න් නෑ හැම රටේම ස්පෝර්ට්ස් කරන එවුන් 99%ක්වත් මේවා විශ්වාස කරනවා. ලෝකේ හොඳම ගෝල්ෆ් ප්ලෙයර් කෙනෙක් වෙන ටයිගර් වුඩ්ස් රතු ඇඳන් එන එක ඔය වගේ දෙයක්. එතකොට සෙරීනා විලියම්ස් දිනද්දී පරදිනකන් දාපු එකම මේස් ජෝඩුව හෝදන්නෙවත් නැතුව දාන එකත් ඒ වගේ දෙයක්. මතක විදියට මේ විදියටම ජර්සි එකට කරනවා වනිඳු හරි අවිශ්ක හරිත්.

එතකොට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝටත් තියෙනවා මේ වගේම පුරුදු ටිකක්. පොර කවදාවත් තමන් සෙල්ලම් කරන හාල්ෆ් දෙකේදී එකම කොණ්ඩ මෝස්තරෙන් ඉන්නේ නෑ. අනිවාරෙන්ම හාල්ෆ් ටයිම් එකේදී කොල්ලා කොණ්ඩේ වෙනස් කරගන්නවා.

ආහ් තව එකක්. දැන් ලංකා ප්‍රිමියර් ලීග් කාලේ ඇවිල්ලනේ. ජර්සි ඩිසයින් තරඟ හෝ ගාලා යනවා. මතකද දන්නේ නෑ පළවෙනිම LPL එකේදී Jaffna Stallionsලා ලා නිල් පාට ජර්සි එකක් තරඟ කීපයකට ඇන්දා. හරියටම රිසාල්ට්ස් මතක නෑ (බලන්නත් කම්මැලියි) කෝමහරි ඔය ලා නිල් ඇඳුමෙන් මැච් දෙක තුනක් ජැෆ්නා කෑවා. ඊට පස්සේ ජැෆ්නලා සෙමි ෆයිනල් එකට එන්නේ තද නිල් ජර්සි එකෙන්. එහෙම ආවෙත් ඔය වගේ විශ්වාසයක් හින්දා කියලා කට කතා තියෙනවා (අපි නම් දන්නේ නෑ)

මේ වගේ superstitions, එහෙමත් නැත්නම් විශ්වාස කියන දේ ක්‍රීඩාවේ මුල් බැහලා තියෙන දේවල්. සමහරවිට මේවා ඇත්ත වෙන්න ඇති, සමහරවිට බොරු වෙන්න ඇති. හැබයි ‘ඕල්මෝස්ට්’ හැම ක්‍රීඩකයෙක්ටම මේ වගේ විශ්වාස තියෙනවා. මේවා පිළිගන්න නොගන්න එක වෙනම කතාවක්, හැබයි මේවා හින්දා ක්‍රීඩාව ලස්සන වෙනවා කියන දේ නම් අහක දාන්න බෑ !!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7