Cricket GossipCricket NewsEXCLUSIVE

“මට මේ රටේ කම්කරුවන්ගේ හඬ වීමට අවශ්‍යයි” – හිටපු එංගලන්ත ක්‍රීඩක මොන්ටි පනේසාර් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරඟ වැදීමට සැරසේ

එංගලන්ත හිටපු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මොන්ටි පනේසාර් මීළඟ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයකු ලෙස ජෝර්ජ් ගැලෝවේ කම්කරු පක්ෂය වෙනුවෙන් මැතිවරණයට පෙනී සිටීමට තීරණය කරයි.

“මට මේ රටේ කම්කරුවන්ගේ හඬ වීමට අවශ්‍යයි” යනුවෙන් පනේසාර් බ්‍රිතාන්‍යයේ ‘ට්‍රෙලිග්‍රාෆ්’ පුවත්පතට පැවසීය. “දේශපාලකයෙක් විදිහට මගේ අරමුණ කවදාහරි අගමැති කෙනෙක් වෙන එක. මට අවශ්‍ය වන්නේ බ්‍රිතාන්‍ය වඩාත් ආරක්ෂිත සහ ශක්තිමත් රටක් බවට පත් කිරීමටයි. මගේ පළමු රාජකාරිය ඊලිං සවුත්හෝල්හි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමයි” පනේසාර් පැවසීය.

පනේසාර් උපත ලැබුවේ ඉන්දියානු සම්භවයක් ඇති මවුපියන්ට දාව ලූටන්හිය. ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 50කදී කඩුලු 167ක් බිඳ හෙළීය. ඔහු එක්දින තරග 26කදී කඩුලු 24ක් සහ විස්සයි20 තරගයකදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. 42 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේ 2013 වසරේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button