Cricket NewsEXCLUSIVEInternationalIPLPremier League

රෝහිත් ශර්මා හා පාණ්ඩයා අතර විරසකය හා ඉන්දියානු ක්‍රීඩකයන් රිද්මයේ නොසිටීම ඉන්දියානු ලෝක කුසලාන ගමනේ අසුබ පෙර නිමිත්තක් බව විචාරකයන් මත පලකරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හත්වැනි පරාජය ලැබූ මුම්බායි ඉන්දියන්ස් පිල තරග 10කදී ප්‍රසාද ලකුණු 6ක් ලබා ලකුණු සටහනේ 9 වැනි ස්ථානයට පත්වූ හෙයින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා ඇහිරී ගියේය.

ඉන්දීය විස්සයි20 පිලේ නායක රෝහිත් ෂර්මා හා උප නායක හර්දික් පාණ්ඩයා පමණක් නොව අංක එකේ පන්දු යවන්නා වූ ජස්ප්‍රිට් බුම්රා ද සිටින මුම්බායි ඉන්දියන්ස් පිල මෙවැනි දැවැන්ත පසුබැසීමකට ලක්වීම ඉදිරියේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය පිලට අසුබ පෙර නිමිත්තක් බව විචාරකයෝ පෙන්වා දෙති. හර්දික් පාණ්ඩයා තම පරාජය සම්බන්ධයෙන් අනෙකුත් ක්‍රීඩකයන්ට දොස් පවරන අයුරු දක්නට ලැබූ අතර, තම කණ්ඩායමේ පිතිකරුවන්ට අවස්ථා දෙකකදී දොස් පැවැරීමෙන් කණ්ඩායම තුළ දෙදරීමක් පවතින බවට ද රාවයක් පැතිරේ.

එක් අවස්ථාවකදී තිලක් වර්මාගේ ක්‍රිකට් දැනුමේ ඌනතාවයට දොස් පැවරූ පාණ්ඩයා පෙරේදා තරගයේදී ලකුණු 4කට දැවී ගිය රෝහිත් ෂර්මාට වක්‍රව දොස් පැවරුවේය. ලක්නව් සුපර් ජයන්ට්ස් සමඟ එම තරගයෙන් පසු හර්දික් පාණ්ඩයාගේ අදහස් අනුව කණ්ඩායමේ මුල් කඩුලු 4ක් ලකුණු 27කට බිඳ වැටීම පරාජයට හේතු විය.

කෙසේ වුවද ක්‍රිකට් ප්‍රවීණයන්ගේ තර්කය වන්නේ පාණ්ඩයාගේ වැරදි කළමනාකරණය මෙම පරාජයන්ට හේතු වී ඇති බවයි. ඔවුන්ගේ ඉතිරි තරග කොල්කටා නයිට් රයිඩර්ස් (මැයි 3), සන්රයිසස් හයිද්‍රාබාද් (මැයි 6) සහ යළිත් කොල්කටා නයිට් රයිඩර්ස් (මැයි 11) හා ලක්නව් සුපර් ජයන්ට්ස් (මැයි 17) පමණකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button