Cricket NewsEXCLUSIVEInternational

“අම්මා කවදාවත් මම ක්‍රිකට් ගහනවා දැකලා නෑ” සනත් ජයසූරිය

“අපේ අම්මා පුදුම චරිතයක්. ඇය ඉතා සරල ජීවිතයක් ගත කළාය. අම්මා ක්‍රිකට් ගැන වැඩිය දැනගෙන හිටියේ නැහැ. අපි පොඩි කාලේ නිතරම කිව්වේ සා/පෙළ පාස් වෙලා ඉස්කෝලේ හොඳට කරලා හොඳ රස්සාවක් කරන්න කියලා. අම්මා ඒක බලාපොරොත්තු වුණා. ඊට පස්සේ මම ක්‍රිකට් පැත්තට යොමු වුණා අම්මා ඒකට ටිකක් බය වුණා. ක්‍රීඩාව නිසා මගේ අධ්‍යාපන කටයුතු අඩාල වුණොත් මගේ අනාගතයට මොකද වෙන්නේ කියලා අම්මා කනස්සල්ලෙන් හිටියේ. ඒකයි දවසක් අම්මට මගේ ඉස්කෝලේ විදුහල්පති ජී එල් ගලප්පත්ති (ශාන්ත සර්වේශස් විද්‍යාලයේ හිටපු විදුහල්පති) මුණගැහුණේ. මම හොඳින් ක්‍රීඩා කරන බවත් මට ක්‍රිකට් කරගෙන යාමට ඉඩ දෙන බවත් විදුහල්පති මගේ මවට සහතික වුනා.

අම්මා ක්‍රිකට් ගැන වැඩි දැනුමක් නොතිබීම මට එක අතකින් හොඳ දෙයක්. අම්මා කවදාවත් මැච් බලන්න ආවේ නැහැ. මගේ අයියයි තාත්තයි නිතරම ආවා, ඒත් අම්මා එයාලට උපදෙස් දුන්නා මට සාමකාමීව සෙල්ලම් කරන්න දෙන්න කියලා, “වැඩිය කතා කරන්න එපා. පේන්න එපා. සනත්ට ඔයාව පේන්නෙ නැති තැනක පැත්තකට වෙලා ඉන්න”. ඉතින් අයියයි තාත්තයි මම සෙල්ලම් කරනවා බලන්න ආවත් මම ඔවුන්ව දැක්කේ නැහැ. මම සෙල්ලම් කර කර ඉන්නකොට පේන තැනක උන් හිටගෙන ඉන්නවට මමත් කැමති වුනේ නෑ.

සනත් ජයසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
9
+1
11
+1
28
+1
7
+1
9
+1
12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button