Cricket NewsEXCLUSIVEIPL

“මතීෂ පතිරණ කෙතරම් හොඳින් පන්දු යැව්වාද කියලා ලකුණු පුවරුවෙන් පෙනෙන්නෙ නෑ, ඔහුගේ පන්දු යැවීම ඇත්තෙන්ම හොඳ බව මට හැඟුණා” – Rajasthan Royalsට එරෙහිව තරගයෙන් පසුව CSK නායක මහේන්ද්‍ර සිං දෝනි

Chennai Super Kings කණ්ඩායම සහ Rajasthan Royals කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයෙන් ලකුණු 32ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

මීට පෙර Chennai Super Kings කණ්ඩායම සහභාගි වූ තරඟයන්හි තරඟ දිනවන්නකු බවට පත්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ ඊයේ යම් ප්‍රහාරයකට ලක්වුණා, ඇත්ත වශයෙන්ම එය පිතිකරුවන්ගේ දක්ෂතාවයටත් වඩා පිතිකරුවන්ගේ වාසනාව මත ලැබුණු ලකුණු බව කිව හැකියි.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී නායක මහේන්ද්‍ර සිං දෝනිගෙන් විස්තර විචාරකයා මේ පිළිබඳ විමසා සිටියා.

මහේන්ද්‍ර සිං දෝනි එම අවස්ථාවේ මෙලෙසින් අදහස් දක්වා.

විස්තර විචාරකයා(හේඩ්න්) – පහුගිය තරඟවල ඔබේ කණ්ඩායම වෙනුවෙන් හොඳටම පන්දු යවපු කෙනෙක් තමයි මතීශ.අද මතීශගේ පන්දු වාර හතරෙදි වැඩි ලකුණු ගත්තත් ඒවගේ වැඩිපුර Edges වලින් ගියපු ඒවා තිබුනේ..කොහොමද මේක ගන්නේ.. ?

මහේන්ද්‍ර සිං දෝණි -කාටහරි ස්කෝර්කාඩ් කාඩ් එක බලලා ලකුණු වැඩියි කියලා මේක තීරණය කරන්න බෑ.. අපි බලන්න ඕනේ යවපු පන්දු සහ බවුන්ඩ්රිස් ගියේ කොහොමද කියන එක.පන්දු ඉතාම සුළු ප්‍රමාණයක් එල්ලය වෙනස් ⁣උනා විතරයි.. අදත් මතීශ නරකට බෝල් කලේ නෑ…

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

@sixcricket

“I felt his bowling was really good.” – MSD on Pathirana #matheeshapathirana #msdhoni #csk #ipl #pathirana

♬ original sound – SixCricket

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button