Cricket NewsEXCLUSIVEInternational

ආසියාවේ වේගවත්ම ටෙස්ට් ජයග්‍රහණ සියයේ වාර්ථාව ශ්‍රී ලංකාවටද ? තීරණය අද

සංචාරක අයර්ලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 54 ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 158 ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින අයර්ලන්තය වෙනුවෙන් නායක බැල්බර්නි හා හැරී ටෙක්ටර් කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන අතර ඊයේ අවසන් සැසියේ දැවී ගිය අයර්ලන්ත කඩුලු ද්විත්වය ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් අතර බෙදී ගියහ.

මෙම තරඟය වෙත ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසුනේ තම ටෙස්ට් ක්‍රිකට් වංශතකාව තුල සුවිශේෂී කඩයිමක් පසු කරයෑමේ හැකියාවක්ද සහිතවයි.යම් හෙයකින් මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් ටෙස්ට් තරග 100 ක් ජයගැනීම සදහා අඩුම තරග සංඛ්‍යාවක් වැය කල ආසියානු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව වාර්තා අතරට එක්වනු ඇත.එමෙන්ම ලොව සෙසු ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් කිහිපය අතරින් අඩුම තරඟ ගණනකින් ටෙස්ට් ජයග්‍රහණය සියය වාර්ථා කල කණ්ඩායම් අතර පස්වැනි තැනට පත් වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇත.

කෙසේ නමුත් අද තරඟයේ අවසන් දිනය වීමද විශේෂත්වයක්.බොහෝ විට තරඟය ජයපරාජයෙන් අවසන් වීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින නමුත් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරඟය පස්වැනි දවස තුල සිදුවිය නොහැක්කක් නොමැත.තරඟය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ පළමු සැසිය තුල ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් තරඟයේ පාලනය තමන් නතු කරගන්නා ආකාරය මතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7