Cricket GossipCricket NewsEXCLUSIVEInternational

පාකිස්ථානු නායක බාබර් අසාම් තරඟ පාවා දුන් බවට පාකිස්තාන මාධ්‍යවේදී මුබාෂිර් ලුක්මාන් චෝදනා කරයි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු හදිසියේම බාබර් අසාම්ට පාකිස්තාන රුපියල් කෝටි 8ක් වටිනා මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබුණේ කෙසේද? එම මිල අධික තෑග්ග විස්සයි20 ලෝක කුසලාන තරග පරාජයවීම හේතුවෙන් ලැබුණු එකක් බව පාකිස්තාන මාධ්‍යවේදී මුබාෂිර් ලුක්මාන් හෙළි කරයි. පාකිස්තාන මාධ්‍යවේදියා මේ බව සඳහන් කළ වීඩියෝවක් ඔහුගේ ‘එක්ස්’ ගිණුම මඟින් ප්‍රසිද්ධියට පත්කොට ඇති අතර, බාබර් අසාම් Audi e-tron වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැදීම ප්‍රශ්නසහගත බව කියා සිටී.

“ඒක ඉතා හොඳ කාර් එකක්. බාබර් අසාම් කියනවා මගේ අයියා මට කාර් එක දුන්නා කියලා. ඉතින් මට හිතුණා බාබර්ගේ අයියා මොකක් හරි ලොකු වැඩක් කරනවා ඇති කියලා. ඒ නිසා කෝටි 7-8ක් වටිනා කාර් එකක් තෑගි කරන්න ඇති කියලා. නමුත් මම විමර්ශනය කරලා හොයාගත්තා බාබර්ගේ අයියා එහෙම දෙයක් දීලා නැහැ කියලා” මාධ්‍යවේදී මුබාෂිර් ලුක්මාන් වීඩියෝවෙන් කියා සිටී.

“එතකොට මට හිතුණා කාර් එක කොහෙන්ද කියලා. අමෙරිකාවට පැරදුණොත් කාර් එනවා. ඇෆ්ගනිස්ථානයෙන්, නෙදර්ලන්තයෙන් පැරදුණොත්, අයර්ලන්තයෙන් පැරදුණොත් කාර් එනවා. ඩුබායිවල මහල් නිවාසයක් තියෙනවා නම්, එකත් වෙන කාගේ හරිද?” මුබෂිර් ලුක්මාන් පවසන්නේ කිසිවක් නොකියා සිටියත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ පුද්ගලයන් මේ පිළිබඳව දන්නා බවයි.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන මූලික වටයෙන් ඉවත්වීමත් සමඟ මතභේදයන්ට ලක්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නායක බාබර් අසාම්ට තරග පාවාදීම් චෝදනා එල්ලවී තිබේ. මේ චෝදනාව එල්ල කරන්නේ පාකිස්තාන මාධ්‍යවේදියෙක් මිස විදේශිකයකු නොවීම විශේෂත්වයකි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අමෙරිකාව සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. ඒ හේතුවෙන් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට ද නොහැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button