Cricket NewsEXCLUSIVEIPL

IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක වන Mumbai Indians සහ Chennai Super Kings හි මෙවර තරඟාවලියේ දැවැන්ත පසුබෑම.!

ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක ලෙස සැලකෙන Mumbai Indians සහ Chennai Super Kings කණ්ඩායම් මෙවර තරගාවලියේ තරග 20 ක් අවසන් වන තෙක්ම ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත්ව සිටිනවා.

මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 4 දීම පරාජයට පත්ව සිටින මෙම කණ්ඩායම් දෙක පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි සහ 10 වැනි ස්ථානවල පසුවනවා..

මේ දක්වා පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි 14 න් 5 කදීම ශූරතාව දිනාගැනීමට Mumbai Indians කණ්ඩායම සමත්ව තිබේ. Chennai Super Kings කණ්ඩායම දිනා ඇති ශූරතා සංඛ්‍යාව 4 කි. එහිදී අනු ශූරතා 5 ක් හිමිකර ගැනීමටද Chennai Super Kings කණ්ඩායම සමත්ව ඇති අතර Mumbai Indians කණ්ඩායමද එක් අනු ශූරතාවකට හිමිකම් කියා තිබේ.

තරගාවලි 12 කදීම Chennai Super Kings කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනි මෙවර තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා නම් කිරීමට කණ්ඩායම් කලමණාකාරීත්වය පියවර ගත්තේය.

2013 වසරේ සිට Mumbai Indians කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ රෝහිත් ෂර්මා විසිනි.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7