Cricket NewsEXCLUSIVEInternational

පිට පිටම දෙවන තරඟයේදීත් බංග්ලාදේශයට අවමන් සහගත පරාජයක් උරුම කරමින් දකුණු අප්‍රිකාවට ලකුණු 332 ක විශිෂ්ට ජයක්.!

දේදුණු දේශයට තවත් විශිෂ්ඨ ටෙස්ට් තරඟාවලි ජයක් උරුම කරදෙමින් බංග්ලාදේශ දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය අද නිමා වුනා.

තරඟ දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවනි තරඟය නිමාව දුටුවේ පෝට් එලිසෙබත් හි සාන්ත ජෝජ් තණතීරුවේදී බංග්ලාදේශයට අවමන් සහගත පරාජයක් උරුම කර දෙමිනි.

කාසියේ වාසිය දිනාගනිමින් සත්කාරක දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගර් බංග්ලාදේශයට මුලින්ම පන්දු රැකීමට ආරාධනා කර සිටියේය.

මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකාව නෙවෙවෙන් නායක ඩීන් එල්ගාර්ගේ ආක්‍රමණය හමුවේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම හිස එසවූයේය ඔහු ලකුණු 70 ක් රැස් කරන්නට සමත් විය.

දේදුණු දේශයේ නවතම සොයාගැනීම වූ කිගාන් පීටසර්න් හා ටෙම්බා බව්මා එක්ව මුල් පෙල පිතිකරණ බලඇණිය තවත් සවිමත් කලේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට හිස එසවීමට ඉඩක් ලබා නොදෙමිනි.

පීටර්සන් ලකුණු 64 කට හා බව්මා ලකුණු 67 කට දැවී යාමෙන් අනතුරුව පසුපෙල පිතිකරුවන් සමඟින් එක්වූ කේශාව් මහාරාජ් සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වාර්ථා කරමින් ලකුණු 84 ක් රැස් කලේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි.බංග්ලාදේශය වෙනුවෙන් තයිජුල් ඉස්ලාම් කඩුලු හයක් බිඳ දමද්දී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 453 ක් රැස් කලේය.

සයිමන් හාමර් හා වෑන් මල්ඩර් ගේ පන්දු යැවීම ඉදිරියේ බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සාධනීය මට්ටමකට ගෙන එන්නට නොහැකි විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුශ්ෆිකර් රහීම් ලකුනු 51 ක් රැස් කලේය.මුල්පෙල හා මැදපෙල පිතිකරුවන් යලිත් අසාර්ථක වීම නිසාවෙන් විශාල ලකුණු පුවරුවක් කරායන්නට බංග්ලාදේශයට තිබූ ඉඩ වැසී ගියේය.

නායක මොමිනුල් හක් යලිත් සුපුරුදු පරිදි අසාර්ථක වීම විශාල ප්‍රශ්නාර්ථයක් විය.ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් ලකුණු 47 ක් හා යසීර් අලී ලකුණු 41 බැගින් රැස් කරමින් බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 2017 ක් දක්වා ඔසවා තැබීය.සයිමන් හාමර් හා වෑන් මල්ඩර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු 3 බැගින් දවාගන්නට සමත්කම් දැක්වීය.

බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 236 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබාසිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කලේය.

සත්කාරක දකුණු අප්‍රිකා දෙවන ඉනිම වෙනුවෙන් සැරල් අර්වි ලකුණු 41 ක් හා කයිල් වර්නයින් ලකුණු 39 ක් නොදැවී රැස් කලේය.බංග්ලාදේශය වෙනුවෙන් යලිත් සාර්තක වූ තයිජුල් ඉස්ලාම් කඩුලු 3 ක් බිඳ දැමීය.

සිව්වන ඉනිමේදී ලකුණු 413 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට යලිත් අවමන් සහගත පරාජයක් උරුම කරදෙන්නට දකුණු අප්‍රිකානු වමත් දකුණත් දඟපන්දු යවන්නන්ගේ සුසංයෝගය සමත් වුණි.

ඉනිම ආරම්භ කල මොහොතේ සිටම නායක එලගර් තම දඟ පන්දු යවන්නන් දෙදෙනා උපයෝගී කරගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගන්නට සමත් විය.මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 80 ක් වන විට බංග්ලාදේශයේ සියලු කඩුලු දවාගන්නට කෙෂාව් මහාරාජ් හා සයිමන් හාමර් හට හැකිවිය.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මහාරාජ් ලකුණු 40ට කඩුලු 7 ක් බිඳ දැමද්දී සයිමන් හාමර් ලකුණු 34 ට කඩුලු 3 ක් බිඳ දමන්නට සමත් විය.

දෙරට අතර පැවැති දෙවන තරඟය ලකුණු 332 කින් ජයගන්නට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වූයේ තරඟාවලිය තරඟ 2-0 ක් ලෙසින් ජයගනිමිනි.

අවසන් තරඟයේදී අර්ධ ශතකයක් හා කඩුලු 9 ක් බිඳ හෙලූ කෙශාව් මහාරාජ් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

සමස්ත තරඟාවලිය පුරාවටම කඩුලු 16 ක් හා ලකුණු 108 ක් රැස් කරන්නට සමත් වූ කෙශාව් මහාරජ් තරඟයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7