Cricket NewsEXCLUSIVEIPL

Mumbai Indiansහි සාර්ථකම පිතිකරුවා වූ සුර්යකුමාර් යාදව් අබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවතට.!

Gujarat Titans කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී වම් අතේ වැලමිටේ ආබාධයකට ලක්වීම හේතුවෙන් Mumbai Indians කණ්ඩායමේ සූර්යකුමාර් යාදව්ට මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සෙසු තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.

Mumbai Indians කණ්ඩායම මෙවර තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට පත්වුවත්, එම කණ්ඩායමේ දිගින් දිගටම ලකුණු අතර සිටි පිතිකරුවා ලෙස යාදව් හැඳින්විය හැකිය.

තරග 8 කදී ලකුණු 303 ක් රැස්කිරීමට ඔහු සමත් වූයේ 43.29 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.

එහිදී අර්ධ ශතක 3 ක් ලබගැනීමටද යාදව් සමත් වූ අතර මින් පෙරද තවත් අබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙවර තරගාවලියේ Mumbai Indians කණ්ඩායම සහභාගි වූ තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.

මෙවර තරගාවලියේදී සහභාගි වූ මුල් තරග 8 ම පිට පිටම පරාජයට පත්වූ Mumbai Indians කණ්ඩායම ඉන් අනතුරුව තරග 2 ක් ජයගැනීමට සමත් විය.

කෙසේ වුවත් 5 වරක් IPL ශූරතාව දිනා සිටින ඔවුන්ට මෙවර අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ අතර මෙවර තරඟාවලියට අලුතින්ම එක් වූ Gujarat Titans කණ්ඩායම මේ වන විටත් අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කරගෙන සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button