Cricket NewsEXCLUSIVEIPL

“මහීෂ් තීක්ෂණ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ හොඳම මිලදී ගැනීමක්” – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Wasim Jaffer

CricTracker වෙබ් අඩවියේ Not just Cricket වැඩසටහනට පසුගිය දා හිටපු විශිෂ්ඨ ඉන්දීය ක්‍රිකට් නායකයකු මොහොමඩ් අසුර්ඩීන් හා වසීම් ජැෆර් එක්විය.මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරඟාවලියේ චෙන්නායි පිල සතු ප්‍රභලතම ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ පිළිබඳව එහිදී වැඩි වශයෙන් කතා බහට ලක් විය.

Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් තරඟ හතකදී ඔහු 7.43ක මට්ටමේ විශිෂ්ඨ දල ලකුණු සංඛ්‍යාවක් පන්දුවාරයකට ලබා දෙමින් කඩුලු 12ක් දවාගන්නට සමත් වූයේ තරඟ කිහිපයක් පුරාවට තීරණාත්මක සාධකයක් වෙමිනි. පසුගිය දා Delhi Capitals සමග පැවැති තරඟයේදීද මහීෂ් Delhi Capitals කණ්ඩායමේ ප්‍රභලතම පිතිකරුවා වූ ඩේවිඩ් වෝනර් තම පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට සමත් වුනා.

චෙන්නායි කණ්ඩායම සඳහා ක්‍රීඩා කල සීමිත තරඟ සංඛ්‍යාව තුලදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් තීක්ෂණ IPL ඉතිහාසයේ හොඳම මිලදී ගැනීම්වලින් එකක් බව ජැෆර් එහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා මායාකාරී දඟ පන්දු යවන්නා පවර්ප්ලේ අවස්ථාවේදී සහ අවසන් පන්දුවාර තුලදී කඩුලු දවා ගැනීමට සමත් වූ අතර එය චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් අසීරු අවස්ථාවන් මුද්‍රා තැබීමට ඉවහල් වූ බව ඔහු සඳහන් කළේය. තීක්ෂණ කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් පන්දු යැවීමේ අංශය පෙරට වඩා ශක්තිමත් වී ඇති බවද ජෆර් වැඩිදුරටත් පැවසීය.

“මම හිතන්නේ තීක්ෂණ විශිෂ්ටයි, සමහර විට IPL ඉතිහාසයේ හොඳම මිලදී ගැනීම්වලින් එකක්. ඔහු පවර්ප්ලේ පන්දුවාර තුලදී කඩුලු පහක් දවාගෙන ඇති අතර අවසන් පන්දුවාර (16-20) තුලදී කඩුලු හතරක් ද ලබා ගෙන ඇත. ඔවුන්ගේ (CSK) පන්දු යැවීමේ අංශය දුර්වල වී තිබුනා, තීක්ෂණ ඇතුළත් කිරීමෙන් පසු කණ්ඩායම පන්දු යැවීමේ බලඇණියේ ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණා.”

යනුවෙන් එම වැඩ සටහන අතර තුලදී ජැෆර් ප්‍රකාශ කර තිබුණි.මෙවර අයිපීඑල් තරඟාවලියේදී මුකේශ් චෞද්‍රි සමඟින් එක්වෙමින් තීක්ෂණ පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී අතිශය සාර්ථක පන්දුයැවීමක නිරත වූ අතර සෙසු චෙන්නායි පන්දු යවන්නන් හට පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී ලබාගන්නට හැකිවූයේ කඩුලු 5 ක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button