Cricket NewsEXCLUSIVEIPLMatch Review

RCB කණ්ඩායමට PLAY-OFF වටයේ ස්ථානය තහවුරු කරමින් Delhi Capitalsට එරෙහිව Mumbai Indians කඩුලු 5ක ජයක් වාර්තා කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 69වන තරගය ලෙස Mumbai Indians සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තීරණාත්මක තරඟයෙන් Mumbai Indians කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කළා. මේ ලැබූ පරාජයත් සමග Delhi Capitals කණ්ඩායමට PLAY-OFF වටය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව ගිය අතර වනිඳු හසරංග නියෝජනය කරන Royal Challengers Bangalore කණ්ඩායම මේ සමගින් PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කරගනු ලැබුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Delhi Capitals පිතිකරුවන්ට ආරාධනා කර සිටියා,

ඒ අනුව පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

Delhi Capitals වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Rovman Powell පන්දු 34කදී ලකුණු 43ක් වාර්තා කිරීමට සමත් වුනා. නායක Rishabh Pant ලකුණු 39ක් රැස් කළ අතර Prithvi Shaw ලකුණු 24ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Jasprit Bumrah කඩුලු 3ක් සහ Ramandeep Singh කඩුලු දෙකක් බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 160ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ishan Kishan පන්දු 35ක් තුල ලකුණු 48ක් රැස් කල අතර Dewald Brevis ලකුණු 37ක් සහ Tim David වේගවත් ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී Shardul Thakur කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button