Cricket NewsEXCLUSIVEIPL

RCBට බලාපොරොත්තු ගෙන දෙමින් Mumbai නායක Rohit Sharma රැකගත් Delhi ප්‍රහාරාත්මක පිතිකරු Mitchell Marshගේ සුපිරි උඩ පන්දුව.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 69වන තරගය ලෙස Mumbai Indians සහ Delhi Capitals කණ්ඩායමත් අතර තීරණාත්මක තරඟය ආරම්භ වූවා.

මෙම තරගය ජයග්‍රහණය කළහොත් Delhi Capitals කණ්ඩායම Royal Challengers Bangalore කණ්ඩායමේ ජයග්‍රාහී තරඟ සංඛ්‍යාව සම කරන අතර දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව Royal Challengers Bangalore පසුකරමින් සිව්වන ස්ථානය කරා ඔවුන් පැමිණෙනවා.

ඒ අනුව අවසන් වටය සඳහා තේරී පත්වීමට Delhi Capitals කණ්ඩායමට අවස්ථාව හිමිවනවා.

අද තරගය Mumbai Indians කණ්ඩායම ජයග්‍රහණය කළහොත් Delhi Capitals කණ්ඩායමට අවසන් වටය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී යන අතර Royal Challengers Bangalore කණ්ඩායම අවසන් වටයට පිවිසෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Delhi Capitals පිතිකරුවන්ට ආරාධනා කර සිටියා,

ඒ අනුව පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

එහිදී Delhi Capitals කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ප්‍රහාරාත්මක පිතිකරු Mitchell Marshව පළමු පන්දුවේදීම දවා ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් වුනා.

ඒ Jasprit Bumrah යොමු කල පන්දුවක් හමුවේ Mitchell Marsh එල්ල කල පහර නායක Rohit Sharma විසින් සාර්ථකව රැක ගැනීම හේතුවෙනි.

Rohit Sharmaගේ එම විශිෂ්ට උඩ පන්දු රැක ගැනීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button