Cricket NewsEXCLUSIVEIPL

සංගාගේ සහ ලසිත් මාලිංගගේ RR සමග මුරලිගේ SRH ගැටෙන IPL තරඟාවලියේ 5වන තරඟය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 5වන තරගය ලෙස කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය සහ ලසිත් මාලිංග විසින් වේග පන්දු පුහුණුකාරීත්වය දරන Rajasthan Royals සමග මුත්තයියා මුරලිදරන් පුහුණුකාරීත්වය දරන Sunrisers Hyderabad කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් මෙම කණ්ඩායම් දෙකේම එකදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩා කරන්නේ නැති අතර Rajasthan Royals කණ්ඩායම Sanju Samsonගේ නායකත්වයේ අද තරග බිමට පිවිසෙනවා.

Sunrises Hydrabad කණ්ඩායම කේන් විලියම්සන් ගේ නායකත්වයෙන් අද තරඟයට පිවිසෙනවා.

තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Sunrisers Hyderabad

Rahul Tripathi, Abhishek Sharma, Kane Williamson (C), Nicholas Pooran (WK), Aiden Markram, Abdul Samad, Washington Sundar, Bhuvneshwar Kumar, Marco Jansen, Umran Malik, T Natarajan

Rajasthan Royals

Yashasvi Jaiswal, Devdutt Padikkal, Jos Buttler (WK), Sanju Samson (C), Shimron Hetmyer/Rassie van der Dussen, Riyan Parag, James Neesham, Ravichandran Ashwin, Trent Boult, Yuzvendra Chahal, Prasidh Krishna

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button