Cricket NewsEXCLUSIVEIPLSocial Reaction

“මැණිකෙ මගෙ හිතේ” ගීතය යොදමින් “Bhanuka The Hero” ලෙස භානුක රාජපක්ෂ වෙනුවෙන් Punjab Kings තැබූ විශේෂ සටහන.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් කරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුණා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනකු කණ්ඩායම් 5 ක් නියෝජනය කරනු ලබනවා.

එම ක්‍රීඩකයින් අතරෙනුත් වසර 7කට පසුව පිතිකරුවෙකු ලෙස ක්‍රිකට් ලෝකයේ දැවැන්තම ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා භානුක රාජපක්ෂයි.

භානුක රාජපක්ෂ Punjab Kings නියෝජනය කරන අතර Punjab Kings සහභාගි වූ පළමු තරගයේ ජයග්‍රාහී ඉනිම ද දියත් කරනු ලැබුවේ භානුක රාජපක්ෂයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් ප්‍රධාන පුහුණුකාරීත්වය, අධ්‍යක්ෂක ධුර දරන කණ්ඩායම් රැසක් තිබිය දී භානුක රාජපක්ෂව මිලදී ගත්තේ කිසිදු ශ්‍රී ලාංකීය සබඳතාවක් නොමැති Punjab Kings කණ්ඩායමයි.

ඊට මනා සාධාරණයක් ඉටු කිරීමට භානුක සමත් වූයේ ප්‍රථම තරගයේම හැරවුම් ලක්ෂ බවට ඔහු පත් වෙමිනි.

මේ අතර අද දිනයේ දී භානුක රාජපක්ෂගේ එම විශිෂ්ට ඉනිම වෙනුවෙන් විශේෂ ෆේස්බුක් සටහනක් Punjab Kings එක් කර තිබුණේ මෑත කාලීනව ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයක් ලැබූ ශ්‍රී ලංකා ගායිකා යොහානිද සිල්වා ගායනා කරන මැණිකෙ මගේ හිතේ ගීතයට භානුකගේ වීඩියෝවක් එක් කරමිනි.

එම විශේෂ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button