Cricket NewsEXCLUSIVELegends Story

ඔස්ට්‍රේලියාව දෙවන වරටත් විස්සයි විස්ස ලෝක ශූරයන් වන බව මුත්තයියා මුරලිදරන් කියයි.

ඔස්‍ට්‍රේලියානු උපමහද්වීපය කේන්ද්‍ර කොටගනිමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය එලඹෙන මාසයේදී ආරම්භ වන්නේ වත්මන් ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියාවට සත්කාරකත්වය හිමිකරදෙමින්.

ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට මසකටත් ආසන්න කාලයක් තිබියදී බොහෝ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් මෙන්ම විස්තර විචාරකයින් කල් තියා ලෝක ශූරයින් පළිබඳව ඉඟි පල කිරීම වර්ථමානයේදී සුලභ දසුනක් වී තිබෙනවා.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියට එක්ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තරඟාවලිය අතර තුරදී ANI පුවත් සේවය මෙහෙයවන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ලෝක ශූරයින් පිළිබඳව අදහස් පල කර සිටියේය.

ඔහුගේ පෞද්ගලික විශ්වාසය වූයේ දඟ පන්දුයවන්නන් තිදෙනෙකු මත ඉන්දීය කණ්ඩායමේ පන්දු සංකලනය නිර්මාණය වී තිබීම හේතුවෙන් ඔවුන් ලෝක කුසලානයේදී පෙරලියක් සිදුකරනු ඇත කියාය.

“මම ඉන්දියාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් යුතුව ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. මෙම ඕස්ට්‍රේලියානු තණතිලිවල පන්දුව එතරම්ම දඟ කැවුණේ නැතත්, මෙවැනි තණතිලිවල පන්දු යැවීමට උචිත ආකාරයේ පන්දු යැවීමේ සංකලනයක් ඔවුන් සතු වන නිසා මෙම තරගාවලියේ විශාල වෙනසක් ඔවුන් විසින් සිදු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

කුමන ආකෘතියක වුවද සත්කාරක කණ්ඩායමට තම මව්රටේදී හිමිවන අතිරේක වාසිය තුල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පිට පිට යලිත් වරක් ශූරයින් වීමේ ඉහල අවකාශයක් තිබෙන බවද මුරලිදරන් එහිදී කියා සිටියේය.

“මම හිතන්නේ ඕනම කණ්ඩායමකට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තියෙනවා, ඔවුන් හැමෝම කණ්ඩායමක් ලෙස තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙනුයි තරග බිමට පිවිසෙන්නේ. කවුරු මෙම තරගාවලිය ජයග්‍රහණය කළත් ඔවුන්ට ඉතාම අමාරු ගමනක් තමයි යන්න වෙන්නේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඔවුන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීම නිසා ඔවුන්ට මෙහි දී තරමක වැඩි වාසියක් හිමි වේවි.”

එමෙන්ම මේ දිනවල ඔවුන් එක්ව සිටින ලෙජන්ඩ්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියේදී මුරලිදරන් ඇතුලු සෙසු ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් හා වත්මන් තත්වය පිළිබඳව ද ඔහු අදහස් ප්‍රකාශ කර සිටියේය.

“ලොකු දෙයක් නැහැ, වෘත්තීමය වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දී අපි ඉතාම මහන්සියෙන් පුහුණුවීම් කටයුතු වල නියැලුණා. දැන් අපි නිතරම පුහුණු වීම් කරන්නෙ නැහැ. අපි තරගයට එනවා, අපේ හැකියාවන් මොනවද කියලා පෙන්නනවා එච්චරයි.අපි හිතනවා අපිට ගොඩ හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා, ඒත් අපේ ඇඟවල් ඒකට හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි ලබා දෙන්නේ. මොකද අපි ක්‍රීඩාවෙන් විශ්‍රාම අරගෙනයි ඉන්නේ, අපි අපේ උපරිම උත්සාහය යෙදෙවුවත් පිටියේ දී ඉස්සර වගේම සෙල්ලම් කරන එක ලේසි දෙයක් නෙවෙයි.”

අවසන් වරට ඔහු තම මව්රට වෙනුවෙන් අදහස් කිහිපයක් එක් කලේය.එහිදී ඔහු සයවැනි වරටත් ආසියානු කුසලානය ජයගත් යොවුන් ශ්‍රී ලංකා කාණ්ඩායමට එලබෙන ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් සුභපැතුම් එක් කලේය.

“මට ඔවුන් ගැන ගොඩක් සතුටුයි. ඔවුන් තරුණ කණ්ඩායමක් විදිහට පහුගිය අවුරුදු දෙකේ ඉතාම හොඳින් ක්‍රීඩා කළා. මේ තරගාවලියේ දීත් ඔවුන් ඉතාම හොඳින් තරග වැදුණා. මම ඔවුන්ටත් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සුභාශිංෂණ පිරිනමනවා!”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7