Cricket NewsEXCLUSIVEIPL

ප්‍රභල Gujarat පන්දු බලඇණිය සුණුවිසුණු කළ සුර්යාගේ ප්‍රභල නැගීසිටීම හේතුවෙන් Mumbai Indians ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය තහවුරු කර ගනී.!

මුම්බායි හි වංකඩේ ක්‍රීඩාංගණයේදී මුම්බායි ඉන්දියන්ස් සමඟින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟය පැවැත්වූයේ මෙවර අයිපීඑල් තරඟාවලියේ 57 වැනි තරඟය ලෙසටයි.මුම්බායි කන්ඩායමේ play off වටයේ බලාපොරොත්තු සුරක්ෂිතද යන්න තීරණය වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් නායක හර්දික් පාන්ඩ්‍යගේ මුලින්ම පන්දු රැකීමට තීරණය කලේය.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි මුම්බායි ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 5 ක් දැවී දැවැන්ත ලකුණු 218 ක් රැස් කරගනිමින්.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සූර්‍යකුමාර් යාදව් සිය මංගල අයිපීඑල් ශතකය රැස් කලේ පන්දු 49 ක් වැය කරමින්.නොදැවුණු ලකුණු 103 ක් ලෙසින් කියැවුණු ඔහුගේ ඉනිම හතරේ පහර 11 කින් හා හයේ පහර 6 කින් වර්ණවත් විය.පන්දු යැවීමේදී ගුජරාට් පිල වෙනුවෙන් රශීඩ් ඛාන් සුපරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30 කට කඩුලු 4 ක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණයි.මුල්පෙල පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙන්නට අපොහොසත් වෙද්දී මැදපෙලට ජීවය එක් කල ඩේවිඩ් මිලර් ලකුණු 41 ක් රැස් කරද්දී නොම්බර 8 පිතිකරුවා ලෙසින් පිටියට එක්වූ රශීඩ් ඛාන් වාර්ථා ගත පිතිකරණය නියැලුණේ පන්දු 32 ක් තුල නොදැවුණු ලකුණු 79 ක් ලබාගනිමින්.රශීඩ් ගේ හුදෙකලා සටනට දැවැන්ත හයේ පහර 10 ක් හා හතරේ පහර 3 ක් එක්වූ අතර අයිපීඑල් ඉතිහාසයේ නොම්බර 8 පිතුකරුවෙකු රැස් කල ඉහළම පෞද්ගලික ඉනිම බවටද එය වාර්ථා අතරට එක්විය.

ප්ලේ ඕෆ්ස් වටයේ මුම්බායි බලාපොරොත්තු තවදුරත් සුරක්ෂිත කරමින් සාර්ථක පන්දු යැවීමක නිරතවූ ආකාශ් මධ්වාල් කඩුලු තුනක් බිඳ හෙලද්දී පියූශ් චව්ලා හා කුමාර් කාර්තිකේයා අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඒ අනුව මෙම තරඟය ලකුණු 27 කින් ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දක්වා පැමිණීමට සමත් වූ අතර මෙවර තරඟාවාරයේදී ඔවුන්ට තවත් තරඟ දෙකක් ඉතිරිව තිබෙන අතර ප්ලේ ඕෆ් වටය සඳහා සුදුසුකම් ලබාගන්නට එම තරඟ දෙකෙන් එකක් ජයගැනීම ප්‍රමාණවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
1
+1
7
+1
5
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7