Cricket NewsEXCLUSIVEInternational

ලෝක ශූර කණ්ඩායමක් වසරකින් දෙකකින් ගොඩනැඟෙන්නේ නෑ, ශ්‍රී ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ. – මුත්තයියා මුරලිදරන් කියයි

ලෝක ශුර කණ්ඩායමක් වසරකින් හෝ දෙකකින් ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා අවම වශයෙන් වසර 4 ක් හෝ 5 ක් ගතවන බවත් ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි. ඔහු ඒ බව කියා සිටියේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර යුනිසෙෆ් සංවිධානය විසින් ක්‍රියාවට නංවනු ලැබ ඇති ‘ළමුන් වෙනුවෙන් දිනක්’ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදීය.

“දක්ෂ කණ්ඩායමක් ගොඩනැඟෙන්න නම් අපි ක්‍රීඩකයන්ව ගොඩනඟන්න ඕන. ඒක අවුරුද්දකින් දෙකකින් කරන්න බෑ. ඒකට අවුරුදු 4 ක් 5 ක් වගේ ලොකු කාලයක් යනවා. ඒත් කියන්න කණගාටුයි, අවාසනාවකට වගේ ශ්‍රී ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වෙලා තියෙන තත්වෙට ‍ප්‍රධානම හේතුව ඒකයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
13
+1
6
+1
5
+1
1
+1
5
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button