Cricket NewsEXCLUSIVEIPLPremier League

“IPL ක්‍රිඩා කිරීම මා කුඩා කළ දුටු සිහිනයක්” – වසර 8කට පසුව IPL නියෝජනය කරන සිම්බාබ්වේ ක්‍රිඩකයා Blessing Muzarabani කියන කතාව.!

IPL 2022: Lucknow Super Giants Sign Blessing Muzarabani As Mark Wood's Replacement

නිමාව දුටු එංගලන්ත කොදෙව් තරඟාවලිය අතරතුර වැලමිට ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් හට එලඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කිරීමට නොහැකි වීමත් සමග Lucknow Super Giants කණ්ඩායමට වේග පන්දු යවන්නකු අහිමිව ගියා.

ඒ හේතුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නාගේ වගකීම දුශ්මන්ත චමීරට හිමි වූ අතර එමෙන්ම තවත් විදෙස් වේගපන්දු යවන්නෙකු ආදේශ කරන්නට සිදු වූයේ මාක් වුඩ්ගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි.

ඒ අනුව අවසර 8 කට පමණ පසු සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වූ අතර ඒ දකුණත් වේගපන්දු යවන ක්‍රිඩක බ්ලෙසිං මසර්බානි ය.

ඔහු මේ වන විට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මසර්වානි සිය නිළ Twitter ගිණුමට විශේෂ සටහනක් එක් කරමින් මුසර්වානි සඳහන් කළ තිබුනේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රිඩා කිරීම තමන්ගේ කුඩා කළ සිහිනයක් වූ බවයි. ලොව විශාලතම ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රිඩා කිරීමට තමන් සුදානම් බවත්ය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7