Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නව පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් පත් කෙරේ.

Jehan Mubarak Returns to Sri Lanka Squad After 8 Years - EssentiallySports

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් මුබාරක් පත් කර තිබේ.

මේ සඳහා ක්‍රිකට් තාක්‍ෂණ කමිටුව විසින් කරන ලද නිර්දේශය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ද අනුමත කරන ලදී.

ඒ අනුව අවිශ්ක ගුණවර්ධන වෙනුවට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් පත් කර තිබේ.

Jehan Mubarak named in Sri Lanka squad for Pakistan Tests | Cricbuzz.com - Cricbuzz

 

ජෙහාන් මුබාරක් පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ 19න් පහළ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර නිමා වූ එල්.පි.එල් තරගාවලියේ ශූරතාවය දිනාගත් ජැෆ්නා කිංග්ස් කන්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙසද කටයුතු කල ඇත.

ජෙහාන් ටෙස්ට් තරග 13කදී, එක්දින තරග 40කදී සහ විස්සයි20 තරග 16කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

Jehan Mubarak: After 30, you're forced to think about retirement

මුබාරක් මේ වන විට රටේ සිටින හොඳම නවීන දින ක්‍රිකට් මොළයක් ලෙස සැලකේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ජෙහාන් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7