Cricket NewsEXCLUSIVE

බිනුරගේ සුපිරි පන්දුවාරය විනාශ කර දැමූ බානුක රාජපක්ෂ Galle Titans කණ්ඩායමට තරඟාවලියේ පළමු ජය අත්කර දෙයි !

මෙවර LPL තරඟාවලියේ දෙවැනි තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරඟය සුපිරි පන්දුවාරයකින් ජයගන්නට Galle Titans ක්‍රීඩකයින් සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුරැකීමට තීරණය කල කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ Dambulla Aura කණ්ඩායමට එරෙහිව Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 180 ක් රැස් කලේය.

යලිත් තම රිද්මය සොයාගත් බානුක රාජපක්ෂ පන්දු 34 කදී ලකුණු 48 ක් රැස් කලේ ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින්.ඉනිමේ අවසන් භාගයේදී යලිත් ලකුණු අතරට පිවිසි දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් රැස් කලේ පන්දු 21 ක් පමණක් වැය කරමින්.

පන්දු යැවීමේදී Dambulla Aura වෙනුවෙන් ශනවාස් දහානි කඩුලු දෙකක් බිඳහෙලද්දී බිනුර ප්‍රනාන්දු හා දනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳහෙලීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹා ගිය Dambulla Aura කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරාගේ පිත්තෙන් ලකුණු 43 ක් ලකුණු පුවරුවට එක්වද්දී දනංජයද සිල්වා ලකුණු 40 ක් රැස් කලේය.හුදෙකලා සටනක නිරත වෙමින් තරඟයේ අවසානය දක්වා Dambulla Aura රැගෙන ගිය ඇලෙක්ස් රොස් ලකුණු 38 ක් නොදැවී රැ කලේය.

කලකට පසු පන්දුව අතට ගත් නායක දසුන් ශානක කඩුලු 3 ක් Galle කණ්ඩායම වෙනුවෙන් බිඳහෙළුවේය.

ඒ අනුව තරඟයේ ජයග්‍රාහකයින් තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී කසුන් රාජිත විසින් යොමු කල පන්දුවාරයේදී Dambulla Aura කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 9 ක් පමණයි.

ඒ අනුව Galle titens කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණය සඳහා සුපිරි පන්දුවාරයේදී හිමිවූ ඉලක්කය ලකුණු 10 ක්.බිනුර ප්‍රනාන්දු විසින් යොමු කල එම පන්දුවාරයේදී පන්දු දෙකක් පමණක් වැය කරමින් තරඟය නිමා කිරීමට බානුක රාජපක්ෂ සමත්වූයේ හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමිනි.

මෙවර LPL තරඟාවලියේ දෙවැනි තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරඟය සුපිරි පන්දුවාරයකින් ජයගන්නට Galle Titans ක්‍රීඩකයින් සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුරැකීමට තීරණය කල කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ Dambulla Aura කණ්ඩායමට එරෙහිව Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 180 ක් රැස් කලේය.

යලිත් තම රිද්මය සොයාගත් බානුක රාජපක්ෂ පන්දු 34 කදී ලකුණු 48 ක් රැස් කලේ ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින්.ඉනිමේ අවසන් භාගයේදී යලිත් ලකුණු අතරට පිවිසි දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් රැස් කලේ පන්දු 21 ක් පමණක් වැය කරමින්.

පන්දු යැවීමේදී Dambulla Aura වෙනුවෙන් ශනවාස් දහානි කඩුලු දෙකක් බිඳහෙලද්දී බිනුර ප්‍රනාන්දු හා දනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳහෙලීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹා ගිය Dambulla Aura කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරාගේ පිත්තෙන් ලකුණු 43 ක් ලකුණු පුවරුවට එක්වද්දී දනංජයද සිල්වා ලකුණු 40 ක් රැස් කලේය.හුදෙකලා සටනක නිරත වෙමින් තරඟයේ අවසානය දක්වා Dambulla Aura රැගෙන ගිය ඇලෙක්ස් රොස් ලකුණු 38 ක් නොදැවී රැ කලේය.

කලකට පසු පන්දුව අතට ගත් නායක දසුන් ශානක කඩුලු 3 ක් Galle කණ්ඩායම වෙනුවෙන් බිඳහෙළුවේය.

ඒ අනුව තරඟයේ ජයග්‍රාහකයින් තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී කසුන් රාජිත විසින් යොමු කල පන්දුවාරයේදී Dambulla Aura කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 9 ක් පමණයි.

ඒ අනුව Galle Titans කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණය සඳහා සුපිරි පන්දුවාරයේදී හිමිවූ ඉලක්කය ලකුණු 10 ක්.බිනුර ප්‍රනාන්දු විසින් යොමු කල එම පන්දුවාරයේදී පන්දු දෙකක් පමණක් වැය කරමින් තරඟය නිමා කිරීමට බානුක රාජපක්ෂ සමත්වූයේ හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7