Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන් හා නාමල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් !

Duties, functions of Namal Rajapaksa's new ministry gazetted - Sri Lanka News | ONLANKA News
වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.ඔහු මේ බව තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ වත්මන් සහ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් ඵලදායී හමුවක් පවත්වන්නට හැකිවූ බවයි. රටම ආදරය කරන ක්‍රීඩාව දියුණු කිරීමට ප්‍රවීණයන්ගේ සහය ලබා ගන්නට තමන් අපේක්ෂා කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, නියෝජ්‍ය ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද මෙම හමුවට එක්ව සිටි අතර මේ වසරේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම පිළිබඳව එහිදී කරුණු සාකච්ඡා කර තිබුණි.එය මේ වසරේදී රටවල් 40ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button