Cricket NewsEXCLUSIVELPL

ක්‍රිඩාංගන සේවකයකු ලෙස සිය ක්‍රිකට් දිවිය අරඹා ටෙස්ට් කඩුලු 400ක් දවා ගත් ලොව 17වන පන්දු යවන්නා බවට පත් වූ Nathon Lyon

මීට දස වසරක⁣ට පෙර සිය ප්‍රථම ටෙස්ට් පන්දුවෙන්ම ලොව බිහිවු විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස සැලකෙන අපේ සංගගේ කඩුල්ල දවාගනිමින් ඇරඹුණු Nathon Lyon ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අද සුවිශේෂී සංධිස්ථානයක් පසු කිරිමට සමත් වුනා.

අද ඔහු ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 400 ක් දවාගත් ලොව 17 පන්දු යවන්නා බවට පත්වුනු අතර මෙම දස්කම දැක්වූ ලොව 7 වැනි දගපන්දු යවන්නා බවටද මෙම ඕස්ට්‍රේලියානු ජාතික Nathon Lyon පත්වුනා.

1987 වසරේ නොවැම්බර් 23 දින උපත ලබන මේ තැන් මයිකල් ලියන මේ වන විට 34වැනි වියේ පසු වන අතර ඔහු ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට නැතුවම බැරි පන්දු යවන්නකු බවටද පත් වී අවසානය.

වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයකු වන්නට පෙර Nathon Lyon යනු Adelaide Oval ක්‍රීඩාංගණයේ සිටි සේවකයෙකි (Groundsman).

එලෙසින් ‘Groundsman’ කෙනෙක් ලෙස කටයුතු කරමින් පියවරින් පියවරසිය ක්‍රිකට් දිවිය ඇරඹූ Lyon අද වනවිට ඔස්ට්‍රේලියාවේ තෙවන ඉහලතම ටෙස්ට් කඩුලු ලාභියා බව⁣ට පත්වී හමාරය.

බාධක රැසක් තරණය කරමින් ඔහු පැමිණි ගමන්මග නම් අද සිටින තරුණ ක්‍රිඩකයන්ට කදිම ආදර්ශයකි.

– ප්‍රියදර්ශන බස්නායක තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button