Cricket NewsEXCLUSIVE

“මම ආසයි කවදාහරි මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වන විරාට් කෝලිගෙ කඩුල්ල දවාගන්න ඒ වගේම බාබර් අසාම්ගේත් ග්ලේන් මැක්ස්වෙල් ගෙත්”- වනිඳු හසරංග

වතමන් විස්සයි විස්ස තරඟ ආකෘතිය තුල සිටින කැපී පෙනෙනතම ක්‍රීඩකයෙකු වන වනිඳු හසරංග මෙවර LPL තරඟාවලිය අතර තුර පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් විය .

එහිදී මාධ්‍යවේදියා විසින් වනිඳුගෙන් සිය ක්‍රිකට් දිවියේ දැවී ගැනීමට කැමති ක්‍රීඩකයන් නම් කරන ලෙස ඉල්ලා සිටි ඔහු පවසා සිටියේ

“මම ආසයි කවදාහරි මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වන විරාත් කෝලිගේ කඩුල්ල ලබාගන්න. ඊට මට බාබර් අසාම්ගේ සහ ග්ලෙන් මැක්ස්වෙල්ගේ කඩුලු ලබාගන්න අවශ්‍යයයි ” යනුවෙන් වනිඳු කියා සිටියේය .

නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලානයේදී තරඟ 8 ක් තුල කඩුලු 16 ක් දවාගනිමින් ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නට වනිඳු සමත් විය . ඔහුගේ සාර්ථකත්වයට හේතුව කුමක්දැයි විමසූ විට හසරංග පැවසුවේ තම කණ්ඩායම වෙනුවෙන් හොඳම දේ කිරීමට තමා සැමවිටම උත්සාහ කරන බවයි.

“මම පන්දු යවන විට මම නිතරම උත්සාහ කරන්නේ කඩුලු දවා ගැනීමටයි. ජාතික කණ්ඩායමේ සිටින විට මම සෑම විටම උත්සාහ කරන්නේ කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමය කරන්නයි. ඒ නිසා මම සාර්ථකයි,” ඔහු පැවසීය.

විස්සයි විස්ස ආකෘතිය පිතිකරුවන්ගේ තරඟ ආකෘතියක්ව ඇති කාලවකවානුවක වනිඳු පහසුවෙන්ම ඔවුන් සිය ගොදුරු බවට පරිවර්ථනය කරගැනීමට පසු ගිය කාල වකවානුව තුලදී හසරංග සමත් විය . ගෙවීගිය ලෝක කුසලාන තරඟාවලියේදී මෙන්ම අබුඩාභි t 10 තරඟාවලියේදී වැඩිම කඩුලු ලාභියා වන්නට ඔහු සමත් විය . විස්සයි විස්ස ආකෘතිය තුල පාදඟ පන්දු යවන්නන් පහසුවෙන්ම කඩුලු දවාගන්නා ආකාරය පිළිබඳව එහිදී සඳහන් කළේය.

“පාදඟපන්දු යවන්නන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්.මොකද විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව තුල පිතිකරුවන් ලොකු පහරවල් ගහන්න යනවා.අපිට ගොඩක් වෙනස්කම් සංකලන තියෙනවා.සමහර වෙලාවට මැච් එකකදී ලකුණු 40-50කට ගහන්න පුළුවන්.ඒත් ඊළඟ මැච් එකේදි හම්බවෙනවා කඩුලු 4-5ක් ලබා ගැනීමට මාර්ගයක්. පා දඟ පන්දු යවන්නන්ට තරඟ ජයග්‍රහණය කරවන්න පුළුවන් ද්,” ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනාත්මක වර්ධනය හා නැගී සිටීමේ ගෞරවය එල්පීඑල් තරඟාවලියට හිමි විය යුතු බවද සඳහන් කරමින් වනිඳු ක්‍රියා සිටියේ

“පසුගිය වතාවේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරුණ ක්‍රීඩකයින් ගොඩක් හොඳින් ක්‍රීඩා කරනවා අපි දැක්කා. මේ වගේ තරඟාවලියකදී අපිට නිතරම හොඳ ක්‍රීඩකයින් ගොඩක් ලැබෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය වසර කිහිපයට වඩා හොඳ මට්ටමකට ආවේ මේ වගේ තරඟාවලි ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීසිටීමට විශාල උපකාරයක් ” යනුවෙනි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7