Cricket NewsEXCLUSIVEInternational

ඉතිහාසය රන් අකුරින් ලිවීමට තිබු අවස්ථාවක් නේපලය ලකුණු 1කින් මගහැරගනී.

ඉතිහාසය වෙනස් කිරීමට තිබු අවස්තාවක් අද නේපලය අතින් එක් ලකුණකින් ගිලිහී ගියා.

නේපාලට හා දකුණු අප්‍රිකාව අතර තරගය අද Kingstown හීදි පැවැත්වුන අතර කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීම නේපාල නායකයා තෝරා ගත්තා.

දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුලදි ලකුණු 115ක් ලබා ගත්තෙ කඩුළු 7ක් දැවි යාමෙන්. නේපල දග පන්දු යවන්නන් තරගය පාලනය කල අතර Kaushal හා Dipendra කඩුලු 4හා 3 බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නේපාලයට පන්දුවාර 20 තුලදි කඩුළු 7කට ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි. ජයග්‍රහණය සඳහා එක් පන්දුවත් තුලදී ලකුණු 2ක් පමණක් අවශ්‍යව තිබූ නමුත් ඔවුන් ලකුණු සම ​​කිරීම සඳහා කඩුල්ලට දුවද්දී, පන්දු රකින ක්වින්ටන් ඩි කොක්ගේ කඩුල්ල වෙත එල්ල කළ පහරක් පිතිකරු ගුල්සන් ජාගේ වැදී දකුණු අප්‍රිකාවේ ක්ලාසන් අතට පත්විය ක්ලාසන් නැවත එය කඩුල්ලට විසි කල අතර පිතිකරු ඒ සමගම ගුල්සන් ජා දුවද්දි දැවී ගියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button